ඉතිහාසය කලඹන සල් ගස

මෙම කතාව ටිකක් දිගු එකකි, එහි තුල අනු කතා ද රාශියක් ඇත. සල් ගසේ කතාව ඔබහට වටහාදීමට එම අනු කතාද යම් දුරකට හෝ පැවසීමට සිදුවනු ඇත. මෙම ලිපියෙහි අරමුණ වන්නේ අප අවුරුත් හදුනන ලංකාවේ බොහෝ බෝවුද්ධ හා හින්දු ආගමික ස්ථානයන් මෙන්ම වෙනත් ස්ථානයන්හි ද දක්නට ලැබෙන සල් ගස නොහොත් cannonball tree ශාකය (විද්‍යාත්මක නම Couroupita guianensis) වෙත සිදුවන අසාධාරණය ලොවට හෙළිකර, එම උතුම් සල් ගස  ගොවුරවයෙන් ආරක්ෂා කර ගැනීමය. sal

වසර 1833 දී වාසනාව සොයා ඉන්දියාවට පැමිණෙන බ්‍රිතාන්‍ය හමුදා ඉංජිනේරු වරයෙකු වන Alexander Cunningham මහතා පැරණි කෞතුක භාණ්ඩ හා ස්ථාන ගැන වැඩි උනන්දුවක් දැක්වූ අයෙකි . එකල බ්‍රිතාන්‍යයන්ට සැලකිය යුතු ඉතිහාසයක් නොවුයෙන් පුරා විද්‍යාව නම් විෂයක් නොවීය. එබැවින් ස්වකීය උත්සාහයෙන්  හා දැනුමෙන් පුරාවස්තු හා ස්ථාන ගවේෂණය කල කනින්හැම් මහතා ඉන්දියානු පුරාවිද්‍යාවේ පියා ලෙස අදත් ගොවුරවයෙන් සිහි කරනු ලබයි. එම වකවානුව තුල චීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, බුරුමය, මැලේසියාව හා ලංකාව යන රටවල් ඇතුළුව ලෝකයේ ප්‍රධාන ආගම බවට පත්වී තිබුනේ බුදුදහමය. එලෙසම බෝවුද්ධ නටබුන් ඉන්දියාව තුලද(බෝවුද්ධයන් නොසිටියද) තිබීම සමානය කරුණක් විය. බුදුන් උපන් දේශය ජන්බුද්ධ්වීපය නොහොත්  දඹදිව ලෙසද චීන මෙන්ම ලංකික පැරණි ලේඛන වල  සදහන් වී තිබුනද මෙම ස්ථාන සදහන් කිසිදු සිතියමක් නොතිබුනේය. එම ස්ථාන සොයාගැනීමට යම් තරමකට හෝ උදව්වක් වුයේ චීන ජාතික පාහියන් හා හියුසාන් (Fa-HienFa-hsien Fa Xian 337-422 and Xuanzang  602–664) යන හිමිවරු විසින් බුදුන් උපන් දේශයට ගිය වාර්තා පමණි.

ඉතිහාසය ගැන විශේෂ උනන්දුවක් දැක්වූ Cunningham ඉංජිනේරු වරයාට බුදුන්ගේ ස්ථාන සොයාගැනීමට ආසාවක් ඇතිවිය. පෙරකී චීන වාර්තා පිරික්සූ ඔහු එහි තිබු හින්දු හෙවත් සින්දු නම් දේශයක් තුලට බටහිර දෙසින් පිවිසීමක් දක්නට ලැබිණ. ඒ නමින් එම අසල තිබු ගංගාවක් ද වාර්තාවල සදහන් විය. ඒ වනවිට ඉන්දියාව ගැන වැඩි අවබෝදයක් තිබු කනින්හම් මහතා ලංකාවේ බටහිර දෙසින්ද එම නමින් පෙදෙසක් තිබුන බව නොදැන සිටියේය. යම් අහේතුවක්  නිසා පහත ඇති ලංකාවේ පැරණි සිතියම ඔහු නොදකින්නට ඇත. taprabonaචීන වාර්තා අනුව ඉන්දියාව පිරික්සු  ඔහුට එහි ඇති නම් හා සමාන නම් ඇති පොවුරනික ස්ථාන කිහිපයක් අනුමාන කරගැනීමට හැකිවිය. වාර්තා අනුව බිහාර් ප්‍රදේශයයේ තිබු හින්දු නටබුන් ස්ථානයක්, බුදුන් බුදුවූ බෝධි මන්ඩලය ලෙස ඔහු අනුමාන කළේය (වසර 1861). ඉන් පසු ඔහු මුහුණ පැ ලොකුම ගැටලුව වුයේ එහි බෝගසක් නැතිවීමය. එබැවින් ඔහු විසින් ම එම ස්තානයේ බෝගසක් ද රෝපණය කෙරුණි. එම සොයාගැනීමට පසුව ඉංග්‍රීසියෙන් බුදුදහම ඉගනීමට ප්‍රවිෂ්ට වූ අනගාරික ධර්මපාල තුමා තම හද පිරි භක්තියෙන්ම එම ස්ථානය වැඩි දියුණු කිරීමට කටයුතු කෙරින. පහත පෙනෙනුයේ කනින්හම් සිටවූ බෝගස පැලය අසල වසර 1891 පසු ධර්මපාල තුමා සිටිනා චායාරුපයකි. වසර විසිගණනක් තුල බෝ පැලය වැඩි ඇති අයුරු මෙහි පැහැදිලිව පෙනේ. sitting

කනින්හම් මහතාගේ මේ සොයාගැනීමත් සමගම ඔහු සොයා ආ වාසනාව පෑදිණි. බ්‍රිතාන්‍ය රාජ්‍ය ඔහුට නයිට් පදවියක් ලබාදී එවකට ලබාදියහැකි උපරිම ගරු සම්මාන දැක්වීය. බුදුවූ ස්ථානය සොයාගත් නිසා, යම් කෙනෙකු බුදුන් උපන් ස්ථානය සොයාගත් හොත් ඔහුට ලැබෙන ප්‍රතිලාභ අමුතුවෙන් කිව යුත්තක් නොවින. ඒ සමගම ඇතිවූ පිබිදීම නිසා බොහෝ බටහිර ජාතින් ඉන්දියාව පිරික්සමින් ලුම්බිණිය කොහේදැයි සොයන්නට විය . ඒ අතර වසර 1896 දී Anton A. Fuhrer නම් ජර්මානු ජාතික දේවගැතිවරයා නේපාලයේ අද අප දන්නා southwestern Nepalese Tarai නම් ස්ථානයේ තමන්ට ලුම්බිණි නම් සෙල්ලිපිය ලැබුණු බව මද්යම රජයට වාර්තා කෙරුණි. එකල ඔහුටද උපරිම නම්බු නාම හිමිවින. Anton A. Fuhrer යනු ප්‍රසිද්ධ වංචා කාරයෙකි . ඔහු මෙම සෙල්ලිපිය අතින් කෙටු ව්‍යාජ එකක් බවට පසු කල එහිගොස් විමර්ශනය කල විද්වතුන්ට වැටහිණි. ඔහු එම වකවානුවකම දන්තධතුවක් සොයගත්තා යි පවසමින් අශ්ව දතක් ඉදිරිපත් කර වංචා කාරයෙකු ලෙස හංවඩු ගසා තිබුණි. බුදුන් වහන්සේ රියන් 32ක් උස් වූ බැවින් දත එතරම් විශාල වියයුතුයි , ඔහුගේ තර්කය විය. ලුම්බිණියේ සොයාගැනීම රජයවිසින් අවලංගුකර ඔහුට නඩු පැවරිණි. නමුත් නඩුවේ සාක්ෂිදීමට සිටි ඔහුගේම සහකරු හදිසියේම මියගිය බැවින්, නඩුව ඉවත සිදුවිය. lumbiniමෙහි පෙනේනේ එම ව්‍යාජ ලුම්බිණ සෙල් ලිපියයි.  Anton A. Fuhrer කල ලොකුම මෝඩකම වන්නේ එහි වචන ඈත්කර ලිවීමයි. එලෙසම මෙහි අක්ෂර වැරදි කිහිපයක් ඇත. සක්‍යමුණි වෙනුවට සයෝමුනි ලෙස ලියා ඇති අතර. මෙහි සිද්ධාර්ථ යන නම ලියා නැත. වසර දෙදහසක් පැරණි එළිමහන් සෙල්ලිපියක අක්ෂර මෙපණ පැහැදිලිව තිබෙන්නේ කෙසේද ? එපමණ පැරණි කිසිදු සෙල්ලිපියක වචන වෙන්කර ලියා නැත.  කෙසේ හෝ මෙයට විකල්ප ස්ථානයක් එවකට නොතිබූ බැවින් හා නේපාල රාජ්‍ය දැක්වූ අනුග්‍රහයත් නිසා , අද මෙම ස්ථානය ආගමික වශයෙන් කෙසේ වුවත්, ආර්ථික වශයෙන් නම් විශේෂ ස්ථානයක් වන්නේය. යුනෙස්කෝ සංවිධානය මෙය ලෝක උරුමයක් බවට පත්කරනලදී .

>> ලුම්බිණිය සොයාගත් Anton Führer රැකියාවෙන් ඉවත් කල බව සහ ඔහුගේ බුදුන් උපන් ස්ථානය ගැන ලියු පොත තහනම් කිරීම නිවේදනය , දෙවන පිටුවේ සිට ඇත්තේ V .S Smith විසින් Fuhrer කරන ලද සාවද්‍යයන් සිය ප්‍රගති වාර්තාවේ දක්වා ඇති ආකාරය. <<

සත්‍ය වශයෙන්ම පාහියන් හා හියුසාන් ගමන්කර ඇත්තේ මේ ලංකාව තුලමය , ඔවුන් සදහන් කරන සොලොස්මහ ජනපද තිබුනේ ලංකාවේ නැගෙනහිර හා දකුණ පෙදෙස් වලය. ඔවුහු සිංහලය ලෙස සදහන් (බුදුන්කල ලංකාපුර) කරන්නේ අනුරාධපුර ආශ්‍රිත බටහිර හා වයඹ මිස මුළු ලංකාවම නොවේ. චීන ගවේෂකයන් TAN-MO-LI-TI නමින් සදහන් කරන නාවික තොට ත්‍රිකුණාමලයට පහලින් ඇති  වෙරුගල් ගග ආසන්නයේ පාෂාණ පබ්බත වෙහෙර අසල හමුවූ “තඹලවිට” ලෙස මැතක සෙල්ලිපි 4 ක් හදුනා ගෙන ඇත. එලෙසම ඔවුන් සදහන් කරන , ලලාට ධාතු ,දන්තධාතු ,පාත්රය , කෙෂධාතු වැනි සියලුම දේ ලංකාවේ තිබු බව වාර්තා වන්නේ ඔවුන් පැමිණි කලට වසර සිය ගණනකට පෙරය. එවන් කිසි දෙයක් ඉන්දියාවෙන් මේවනතුරු හමුවී නැත. හියුසාන් ගේ වාර්තාවේ ගංගා නම් (ඉහල සිතියමේ ගැන්ගීස් ලෙස සදහන්වෙන) ගඟේ මුවදොරට ඉහලින් චම්පා නම් නගරය අසල තිබු (අද ත්‍රිකුණාමලය) උණුවතුර ලින් 7 ගැන පැහැදිලිව සදහන්වේ. කනින්හැම් මහතාට මෙය ඉන්දියාවේ සොයාගත් නොහැකිවූ නිසා. යම් තැනක උණුවතුර මුට්ටි සතක් තිබෙන්නට ඇතැයි කියමින් යන්තම් ඇඟ බේරාගෙන ඇත.

දැන් අපි මේ ලිපියේ මාතෘකාව දෙසට පිවිසෙමු. සිදුහත් උපත සිදුවූ  සල් වනයේ තිබු සල්ගස හා මල අද ලංකාවේ සිටින කුඩා ළමයෙකු පවා හදුනනු ඇත. එලෙසම පැරණි විහාරවල සිතුවම් වල ඇත. ලංකාවේ පමණක් නොව බොහෝ ඝර්ම කලාපිය පෙදෙස්වල් බහුලව වැවෙන ශාකයකි. දැන් මෙහිදී උභතෝකෝටික ප්‍රශ්නයක් පැනනගි, එනම් නේපාලයේ අද “වාණිජ ලුම්බිනියේ ” මෙම “සල් ගස් ” නොමැති වීමයි. එබැවින් නේපාල රජය සල්ගස විය හැකි ලෙස “වෙනත් ගසක් ”  නම් කරගෙන ඇත. ඇත්තටම ඔවුනට වෙන විකල්පයක් නැත. හිමාලය ආශ්‍රිතව වැවෙන එම ගස (Shorea robusta) නියම සල් ගසය යන මතය දැන් ක්‍රමානුකුලව දත්ත තුලට ඇතුලත් කරමින් පවතී.

Couroupita guianensis නම් වූ අපගේ සල්ගස එහි ඉංග්‍රීසි නමින් (cannonball = කාලතුවක්කු උණ්ඩ, එහි විශාල ගෙඩි එම ප්‍රමාණය නිසා) ප්‍රථම වරට ඉංග්‍රීසි පොතක සදහන් වන්නේ වසර 1881 දී දකුණු අමෙරිකාවෙන් ගෙනවිත් ලංකාවට හදුන්වාදුන් බවය. 1881 මෙයට සමගාමීව දැන් ලංකාවේ ඉංගිසි පොත් කටපාඩම් කර උගතුන් පිරිසක්, මෙම සල් ගස ලංකාවේ වසර 1881 පෙර (එනම් අදින් වසර 130 කට පෙර) නොතිබුන බව සදහන් කරමින්, විවිද ආකාරයේ  මාද්‍යයන් ඔස්සේ ලිපි ලියමින්, අද අපේ පන්සල් වල ඇති සල් ගස, සුද්දා ගෙනා ගසක් බවත්, එය වැරදීමකින් ආගමික ස්ථානවල සිටවා ඇති බවත්, වැරදීමකින් සල් යන නම යොදා ඇති බවත්, යන මතය සමාජ ගතකරමින් සිටිති. පහත එම මුලාශ්‍ර කිහිපයක් දමා ඇත.

http://www.mawbima.lk/56-23671-news-detail.html

http://www.sundaytimes.lk/070916/News/news00026.html

http://www.mawbima.lk/40-26135-news-detail.html

මොවුන් අනවර්තයෙන් පවසන්නේ, අපගේ සල් ගහ ගලවා දමා එම වෙනුවට Shorea robusta නේපාලයෙන්  ගෙන පැලකල යුතුබවය. Shorea robusta ගස් කිහිපයක් මේවනවිට උද්‍යාන වල පැළකර ඇත. මේවයින් සමහරක් නේපාල රජතුමා තෑගි ලෙස ලබාදුන් බව මහත් අභිමානයෙන් සදහන් කර ඇත. ලෝකයටම බුදුදහම කියාදෙන්නේ, අපේ හෙළ පැරණි ලේඛනය. ඉන්දියානු ඉතිහාස පොතේ හිස්තැන් පුරවන්නේ අපේ ලේඛන කියවාය. (අශෝක රජු ඉන්දීය ඉතිහාසයට එක්වන්නේ අපේ මහාවංසය හරහාය) අපේ පුරාන ග්‍රන්ථ වූ “පුජාවලිය හා රාජාවලියේ ” බුදුන් නුපදින දේශයක් ලෙස “නේපාලය” යන රට ලියා ඇත. එවන් වූ අපට සල් ගස කුමක් දැයි, සුද්දාගෙන් අසා දැනගතයුතුද ?

සල් ගස නොහොත් cannonball ශාකය, වසර 1881 ට පෙර මෙහි තිබු බවට සාදක

මෙම ගස ඉතිහාස පොතට එකතුවන්නේ බුද්ධ කාලය පෙර සිටය. මෙම ගස හිංදු සංස්කෘතියේ පුජනිය ශාකයකි. එනම් වසර තුන්දහසකට පෙර සිට ඉන්දියාවේ මෙන්ම ලංකාවේද හින්දු කෝවිල් අසල මෙම ශාකය මහත් භක්තියෙන් වවා ඇත. සිංහල මෙන්ම දමිල ,තෙලිගු, හින්දි  වැනි ඕනෑම භාෂාවකින් මෙම ගසට ආවේනික නමක් තිබෙන්නේ එම නිසාය.    Hindi: Nagalinga नागलिंग, Tope gola तोप गोला • Kannada: Lingada mara, Nagalingam • Marathi: Shivalingam • Bengali: Kaman gola • Tamil: நாகலிங்கம் Naagalingam .

එසේනම් මෙම ගස දකුණු ඇමෙරිකාවේ වනාන්තර වලින් ගෙන, මාස තුනක් පමන නැවක රැගෙනවිත් , පේරාදෙණියේ පැල කිරීමට හේතුව කුමක් ද ? ලංකාවේ නොතිබුනි  නම්, අඩු ගනනේ දකුණු ඉන්දියානු ධීවරයෙකුට කියා එක දවසකින් ගෙන්වා ගත හැකි නේද ? වසර දසදහස් ගණන් දකුණු ඉන්දියාවේ වැඩෙන, ගසකින් ගෙඩියක් ගගකට වැටි මුහුදේ ගසාගෙන විත් ලංකාවේ පැතිරීම අසම්භාවයද ?

සල්ගස ගැන ලාංකීය බෝවුද්ධ ඉතිහාසයේ මුලින් ම කියවෙන්නේ ත්‍රිපිටක සුත්‍ර වලය. එය ඔනම කෙනෙකු හට පසුවෙන් සොයා ගත හැක.

සාලග්ගාව ගංගාව (සල්ගමු ගඟ) හරහා දිග පාලමක්ද ‘සලපාදප සොබිභ’ (සල්රුක් හෙබ) නම් ස්ථානයේ  දිග පාලමක් ඉදිකළ බව “මහාවංශයේ ” සඳහන් වේ. දහතුන් වැනි සියවසට අයත් මෙම පාලම පිළිබඳව තොරතුරු වලින් අනතුරුව එවැනි ලී පාලම් පිළිබඳ කරුණු අනාවරණය වන්නේ 18 වැනි සියවසට අයත් වාර්තා හා පුරා විද්‍යාත්මක සාධක අනුසාරයෙනි.

ධාතු වංසයට අනුව වසර දෙදහසකටත් පෙර, එනම් මහානාග රජු ලලාට ධාතුව ලබන්නේ  “සල් ගසක් ” අසල වූ ආරාමයක සිටය. එම ස්ථානය හත්ථොට්ඨ ජනපදයේ කුක්කුට පර්වතය අසල තිබු, ලක් පොලවේ ස්ථානයක් ලෙස සදහන් ය.

salgala

සල්ගල නමින් කෑගල්ල දිස්ත්‍රිකයේ වැහැල්ලව රක්ෂිතය තුල පුරාන ආරණය සේනාසනයක් ඇත. මෙහි අද ද අපේ සල් ගස දැකගත හැක.

බුදුන් ඉන්දියන් හෝ ලංකික වුවද, දිවාගුහාව ලංකාවේ බව කවුරුත් පිළිගනිති . වත්මන් දිවාගුහාව බටදොල ලෙන ලෙස බලන්ගොඩ අනද හිමියන් තහවරු කර ඇත, එහි එක සාදකයක් ලෙස එහි ඇති අවුරුදදපුරා මල් පිපෙන, සල් ගසක් හදුනාගෙන ඇත, අදත් අපේ සල් ගස එම ස්ථානයේ ඇත. එහි ඇති පුරාන ලෙන්සිතුවමක එම “සල් මල් ” ම අතින් ගත් සඟ රුප ඇඳ ඇත. එබැවින් සල් මල් යනු කුමක් දැයි වටහා ගත හැක.

diwa

cannonball පේරාදෙණියේ සිටවීම සතයයක් විය හැක, දකුණු ඇමෙරිකාවෙන් ගෙන්වූ ශාකයේ සහ ලංකාවේ තුබූ ශාකයේ සුළු වෙනස් කම් තිබෙන්නට ඇත. උදාහරණයක් ලෙස අප්‍රිකාවේ අලිසිටිති, ලංකාවේ අලි සිටිති. නමුත් වෙනස් ය. ලංකාවේ අඹ වැවෙන අතර දකුණු ඇමරිකාවේද අඹ වැවේ , නමුත් ඒවා එක සමාන නැත. යමෙකු දකුණු ඇමරිකාවෙන් එහි අවේනික අඹ පලයක් ගෙන ලංකාවේ සිටවන්න පුළුවන. එයින් ලංකාවට අඹ හදුන්වා දුන්නයි කීම, අර්ථාන්විත නැත.

සල් නමින් අප හදුනාගත් වෙනත් ලංකික ශාකයක් තිබුනා යි, යමෙකුට කියන්නට පුළුවන. එසේ නම් එම ශාකය පන්සල් වලින් වලින් ගලවා දමා පේරාදෙණියෙන් රැගෙන cannonball සිටවුයේ කවුද ? බෝ ගසට පමණක් දෙවනිවූ සල්ගස කුමක් දැයි එකල එහි සිටි ජේෂ්ඨ භික්ෂුන් වහන්සේලා නොදැන සිටියේ මන්ද ? ලාංකික උද්හිද විද්‍යාඥයන් එම අවස්තාවේ නිවැරදි නොකරේ මන්ද ? cannonball යන්න සල් ගස බවත් එය පන්සල් වල සිටවියයුතු බවත්, යෝජනා කලේ කවුද ? කාගේ කුමන්ත්‍රණයක් ද ? එකල පේරාදෙණියේ තිබු, රෝස, ඩේලිය වැනි වෙනත් විදේශ ගස් අතහැර cannonball ටම සල් ආදේශ වූයේ ඇයි.? වයස අවුරුදු 120 කට වඩා පැරණි සල්ගසක් මේ ලංකාවේ කොහෙවත් නැති ද ? මේ ගස සල් ගස ලෙස පිළිගන්නා තායිලන්තයට වැරදුණේ කෙසේ ද ?

සල් ගස යනු පිටස්තර ශාකයක් නොවන බව දේශීය වෙදකම තුල ඇති බෙහෙත් වට්ටෝරුවල වලින්ද පැහැදිලිවේ. එහි නාමය Ayauma ලෙස සදහන් වී ඇත. විදේශීය වෙදකමෙහි බැක්ටීරියා මර්දනයට විශේෂ හැකියාවක් සල් ගෙඩියේ ඇති බව සදහන් වේ. එලෙසම මැසි මදුරු උවදුරටද සල් හොද ප්‍රතිජීවකයකි.  එම නිසා සල් උයනක උපන් දරුවෙකුට වැදුම් ගෙයි දෝෂ තිබීමට නම් කිසිදු හැකියාවක් නැත. පුරාන ශාන්තිකර්ම හා යාගහෝම වලද මෙම ගස ඇති බවට කිසිදු සැකයක් නැත.

සල් ගස යනු කුමන ගස දැයි තෝරාබේරා ගැනීම, මාගේ අවශ්‍යතාවය මත නොව ඔබගේ වටහා ගැනීම අනුව සිදුවන්නකි. නමුත් ඊට අනුලෝමව සිදුහත් උපත සිදුවූ ස්ථානයද තීරණය වන බව දත යුතුය.

Prasad Kumara

මෙය ඔබේ මිතුරන් සමග බෙදාගන්න

Share to Google Plus
Share to LiveJournal

ලංකාවේ විශේෂ භූගෝලීය පිහිටුම

ඇමෙරිකාවේ NASA  ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මස යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණි එහි අරමුණ වුයේ පොලව මතුපිට තිබෙන ගුර්ත්වාකර්ශනයබලය වඩාත් නිවැරදි ලෙස මැන බලමින්  කාලගුණය හා පොළවේ අභ්‍යන්තරව සිදුවෙන වෙනස්කම් අද්‍යනය කිරීමය. මෙම මෙහෙයුම GRACE ( Gravity Recovery And Climate Experiment ) ලෙස හැදින්වූ අතර මේ වනතුරු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

GRACE

පොලවට කිලෝමීටර 500 ක් ඉහලින් ගමන්කරන මේ චන්ද්‍රිකා යුගල එකම පථයක සමාන්තරව ගමන්කරයි. චන්ද්‍රිකා යුගල අතර දුර කිලෝමීටර 200 ක් වන අතර එහි ඇති සුක්ෂම විද්‍යුත් උපකරණවලින් චන්ද්‍රිකා අතර දුර කෙස් ගසක පමණ (10 microns) වෙනසක් වුවද මැනීමට සමත්ය. එලෙසම එම තොරතුරු පොළවට වාර්තා කිරීමට තාක්ෂණික පහසුකම් වලින් ද සමන්විතය.

පොලව මතුපිට ස්ථරය හා අභ්‍යන්තරය ඒකාකාරී නොවේ. විද්ධ මූලද්‍රව්‍ය විවිධ ඝනත්වයන් ගෙන් යුතුව විවිද අනුපාතයන් වලින් පවතී . එලෙසම පොලවේ මතුපිට හා අභ්‍යන්තර ජාල හා ද්‍රව පැතිරීමට එකාකාරි නොවේ. එබැවින් පොලවේ ගුරුත්වාකර්ෂණ බලය සුළු වශයෙන් අඩු හා වැඩි වශයෙන් වෙනස් වේ. මෙය සාමාන්‍ය මිනිසාට බලපාන මුත් එය අපට දැකගැනීමට හෝ මැන ගැනීමට නොහැක . කිලෝමීටර 500 ක් පොළවෙන් ඈත අභ්‍යවකාශයේ ඇති මෙම චන්ද්‍රිකා යුගල ටද මෙය බලපායි . එබැවින් පහල ගුරුත්වය අනුව චද්රිකාවේ වේගය අඩුවැඩි වේ. ඒ අනුව චන්ද්‍රිකා යුගල අතර දුර සියුම් ලෙස වෙනස් වේ. එම වෙනස්කම් ගුරුත්වයට අනුලෝමව සමානුපාතික වන අතර සංකීර්ණ ගනයක කිරීම් තුලින් පොලවේ “ගුරුත්ව” සිතියමක්  ලබා ගැනීමට හැකිවී තිබේ.

gravity

මෙය අප දන්නා සමෝච්ච රේඛා සිතියමට සමානය. මෙහි සම ගුරුත්ව ඇති ස්ථාන සම පාටින් දක්වන අතර අඩුම ගුරුත්වය නිල් පැහැයේ සිට වැඩිම ගුරුත්වය රතු පැහැය ලෙස ගෙන වර්ණ ගන්වා ඇත. මෙම සිතියමේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය තුල ලංකාව පිහිටීම අරුමයක් නොවේද? මෙහි පරාසය  දක්වා ඇත්තේ මීටර වලිනි. අඩුම හා වැඩිම තැන අතර දුර මීටර 200ක් පමණ වෙනු ඇත. මෙය මීටර වලින් දැක්වීම ඔබට ගැටළුවක් වෙනු ඇත. අඩු ගුරුත්වය ඇති ලංකාවේ සිට වැඩි ගුරුත්වය ඇති මැලේසියාව ආශ්‍රිත පෙදෙසට නැවක් ගමන් ගනී නම් . එයට මීටර 200 පමණ ඉහලට යාමක් සිදුවේ. සරලව දක්වතොත් අද ලංකාව තිබුනේ තද රතුපාටින් නම්, ඊට අදාල මුහුදු මට්ටම අද තිබෙන ප්‍රමාණයට මීටර 200 ක් පමණ උසකින් වැඩි විය යුතුය. එනම් පහත රට යටවී උඩරට පමණක් ඉතිරි වෙනු ඇත. මෙම ගුරුත්ව වෙනසට අනුව ලෝකයේ උපරිම හා අවම අගයන් ගතහොත් යම් වස්තුවක බර  0.6% කින් පමණ වෙනස්වීමට ඉඩ තිබේ . ලංකාවේ මෙම විශේෂ පිහිටුම මීට වසර තිහ හතළිහකට කලින් ම සිට හදුනාගෙන තිබුණි. ලාංකියන් මේ ගැන වැඩිවශයෙන් දැනුවත් නොසිටි මුත්, අද වනවිට අපට වඩා තාක්ෂණයෙන් දියුණු රටවල් මේ පිලිබදව වැඩි උනන්දුවක් දක්වා ඇත. වසර 1956 දී Arthur C. Clarke මහතා ලංකාවට පැමිණ පදිංචිවීම ඉන් එක කරුණක් ය .

පෘතුවි පෘෂ්ට්යේ සිට ඇතුලට යනවිට ගුරුත්වය අඩුවේ , එනම් පෘතුවි කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණය ශුන්‍යය. නමුත් පීඩන අධිකය. පෘතුවි තලය මත ගුරුත්වය අඩුම තැන ලංකාව වන බැවින් ලෝක තලයේ කේන්ද්‍රය නොහොත් ලෝකයේ හරිමැද ලංකාව පිහිට්යේ යි කීම නිවැරදිය. මෙම කරුණ අද පමණක් නොව වසර දහස් ගණනක සිට අපේ මුතුන් මිත්තන් දැනසිටි බවට ශාක්ෂි හමුවේ.

ත්‍රිපිටකයේ මෙන්ම පුජාවලිය, රාජාවලිය, දඹදෙණි අසන, වන්නි රාජාවලිය හා දොරකොඩ අස්න යන ලේඛණ වල පෘතුවි තලය මත ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් බිහිවෙන භූමියක් ඇති බවත් එය මධ්‍ය මණ්ඩලය ලෙසත් දක්වා ඇත . එහි බිහිවන ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් ලෙස “සියලු බුදුවරුන්” හා සියලු “සක්විති රජවරුන්”  දක්වා ඇත. මෙම මධ්ය මණ්ඩලයෙන් භාහිර රටවල් “පරසම්ය දේශ” වශයෙන් නම් කර විශාල රටවල් ප්‍රමාණක් දක්වා ඇත. ඒවා අතර නේපාලය, බංගලිදේශය, කාශ්මීරය, ලාට රට,  සින්ධුර දේශය, කර්ණාටක, ගුජරාට, කාම්බෝජය, යෝනක දේශය, සොලිරට, රෝමය හා ස්පාඤඤය වැනි රටවල් ඇත, ලෝකයේ රටවල පිහිටීමට අනුව විද්‍යාත්මකව අසාමාන්‍ය පිහිටුමක් ඇති එකම රට ලංකාවය.

tides2

අපට ආසන්නයේ ඇති විශාලම වස්තුව සද ය. එහි ගුරුත්වය පොලවේ ගුරුත්වය වඩා අඩුය. දල වශයෙන් 0.16 ක් වේ. පොලවෙ සිට 384,400 km දුරකින්, අඩු ගුරුත්වයක් ඇති සද , වඩදිය හා බාදිය ඇති කරමින් පොලවට බලපෑම් කරනු ලැබේ. සමහර ස්ථානවල, වඩ හා බා දිය අතර වෙනස අඩි 50 ක් පමණ වෙන බවට සොයාගෙන ඇත. ඒ හා සමාන බලපෑමක් සුර්යයා  ගෙන් ද ඇති වේ. සුර්යයාගේ ගුරුත්වය පොලව මෙන් 28 ගුණයකි එනමුත් 149,600,000 km දුරින් ඇති නිසා එයින් ඇතිවන්නේ සදේ බලපෑම මෙන් අඩකි .

tideසද පොලව වටා යාමට ගතවන කාලය දවස් විසි අටකි එය චන්ද්‍ර මාසය නම් වේ. මුහුදු ජලය මත පමණක් නොව මිනිස් සිරුර තුල ඇති තරල මෙන් ම හෝමෝන සහ මිනිස් මොලයේ කිරියාකරිත්වයට ද සද බලපායි .  දින විසි අටකට වරක් සිදුවන කාන්තාවන්ගේ ආර්තවහරණය මෙයට හොදම  නිදසුනයි  .

 පොහොය දවසට මනසේ ක්‍රියාකාරිත්වය වැඩිවන බවට පිළිගැනීමක් ඇත. එලෙසම රුධිර ගමනාගමනය වැඩි වී ලේ කැටි ගැසීම අඩු වේයි විශ්වාසයක් පවතින බැවින් සමහර වෙදදුරන් පොහෝ දින ශල්‍යකරම නොකරති . මෙය  බුදු දහමින් තවත් පිලිබිබු  වේ. පොහොය දින පින්දහම් කිරීමට යොදාගන්නේ එම නිසාය. එලෙසම මෙලොව පහලවූ උසස්ම මිනිසාගේ තෙමගුල මෙන්ම විශේෂ අවස්තාවන්, පොහොය දින සිදුවීම බොද්ධ සාහිත්‍යයේ ඇතුලත්ය .

විදේශීය ජනප්‍රවාද සහ ජනකතාවල පොහොදින විශේෂ බව සදහන් කරයි . සුර්යක් ග්‍රහණය යනු මෙහි උපරිම අවස්ථාවයි . එවිට සූර්යය හා චන්ද්‍රයා එකම රෙඛාවක පිහිටන අතර පොලවේ ගුරුත්වාකර්ශනයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරමින්. පොලවේ බලය අඩු කරයි.

බයිබලය යක්ෂයා ලෙසද, බුදු දහම මාරයා ලෙසද පොලවේ බලය හදුන්වයි. මරණය යනු මාරයාගෙන් ලබාගත් ණය ය. අප කවදාහෝ මරණය ගෙවා, නැවතත් ණය ලබාගනිමින් ඉපදේ. මනුෂ්‍යයා මනසින් මෙන්ම ශරීරයෙන් ද පොලවට බැදී සිටි. මාරයාගේ බලය දස ආකාරයකින් ක්‍රියාත්මකය. ඒවා පොලවට නොහොත් “බ්මට” බරය, දස බිම්බර මාර සෙනග නමින් හදුන්වන්නේ එයය.

දැන් මා ඔබෙන් පැනයක් අසමි.

පොහොය දිනක දසබිම්බර මාරසෙනග “පසුවෙන්ම” පැරදිය හැකි වන්නේ ලෝකයේ  කුමන ස්ථානයක සිටද ? නැතහොත් කුමන රටේ වැසියෙකුටද ? බුද්ධත්වය නම් වූ එම ශ්‍රෙෂ්ඨ මානසික තත්වයට පහසුවෙන් ම පත් විය හැක්කේ කුමන රටේ වැසියෙකුටද?

බොහෝ විද්වතුන් මෙන්ම බුද්ධ දේශනාව අනුව ද , මිනිසා ලොව ඇතිවන්නේ. ඕපපාතිකව නොව පිටසක්වල ආගමනයක් නිසාවෙනි. බුදු වදනේ මෙය ආබස්සර බඹ ලොව ලෙස හදුන්වති.

දැන් මම ඔබෙන් තවත් ප්‍රශ්නයක් අසමි. පිටසක්වල ජීවියෙකු හට පෘතුවියට  පහසුවෙන් පැමිණිය හැක්කේ හා පිටවිය හැක්කේ ලෝක ගෝලයේ කුමන ස්ථානයෙන් ද ? නොඑසේ නම් කුමන රටින් ද ? ලෝකයේ පලමු ජීවය ඇතිවන්නට පහසු මොන රටේ ද?

stargate

ලංකාව තුල බාහිර ලෝක හා සම්බධ විය හැකි සක්විති රජවරු මෙන්ම තාක්ෂණයද තිබු බව අපගේ ඉතිහාසය හා පුරා විද්‍යාව කියාපායි . එහි හොදම උදාහරණය වන්නේ අනුරාධපුර රන්මසු උයනේ ඇති තාරකා දොරටු ලාංචනයි. මේ හා සමාන ලාංචන ලොව ඇත්තේ, එකක් ඊජිප්තුවේ හා මැක්සිකෝවේ පමණි. රාවන යනු එවන් සක්විති රජ පරපුරක අවසාන පුරුකය.

ලංකාව යනු ඉදිරි අනාගත්දී අඩු ඉන්දන ශක්ති ප්‍රභවයකින් අභ්‍යවකාශයට යා හැකි හොදම ස්ථානය බව දැන් ලෝකයේ සම්මත වී කතාබහ වෙමින් පවතී. අනාගතයේ පමණක් නොව අතීතයෙහි පවා එසේ වන්නට ඇත . උස්සන්ගොඩ යනු එවන් ස්ථානයක් බවට ජනමතයක් පවතී .

spaceelevator

මෙම තත්වය අයහපත් ආකාරයටද බලපායි. මනසේ ක්‍රියාකාරිත්වය නිසා ගැටුම් වැඩිවීමටද ඉඩ තිබේ. ලෝකයේ වැඩිම මානසික ක්‍රියාකාරී පිරිසක් ඇති ලංකාව, දිවිනසා ගැනීම් වලින් පළමු තැනට පත්වන්නේ එම නිසාය. බුදුන් කොහේ සිටියත් එම ස්ථානයේ දෙවදත්තද සිටියේය. එලෙසම ලාංකිකයන් පාලනය කිරීම අපහසුය. දේශපාලනයේ නිතර ගැටුම් ඇතිවේ, යුධ ඇතිවේ. සුර අසුර, රාම රාවන, ශාක්‍ය කෝලිය, එළාර දුටුගැමුණු ආදී  කාලයේ සිට අද දක්වා එය පැවතෙන බව  ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත.  ලාංකිකයන් ඇත්තටම දක්ෂ වන්නේ මේ ගුරුත්ව පිහිටුම නිසාය. ලෝකයේ ජනගහන අනුපාතය ගත්කල ලංන්කිකයන් ලොවපුරා ඉහල තනතුරුවල සිටින්නේ එම නිසාය.

ලංකාවේ මේ විශේෂ පිහිටුම ගැන, විදේශ වෙබ් අඩවි කිහිපයකම කතාකරනු දක්නට ලැබේ. මනා කලමනාකරණයක් හරහා ලොව දිවුනුම රට බවට මේ රට පත්කිරීමට මෙන්ම, මෙම පිහිටුම නිසා සංචාරකයන් වැඩි කරගැනීමටත් හැකිවෙනු ඇත. කෙසේ වෙතත් ලංකා සංචාරක මණ්ඩලය මේය දන්නා බවක් දක්නට නොලැබුණි. ඔවුන් උනන්දු වන්නේ හනුමන් හා සීතා කෝවිල් ඉදිකර ඉන්දියානු සංචාරකයන් ගෙන්වීම වැනි පසුකාලීනව ප්‍රශ්න ඇතිවන වියාපාරන් කෙරෙහි බව අසන්නට ලැබුණි.

අවසාන වශයෙන් තවත් වැදගත් දෙයක් පෙන්වාදෙනු කැමැත්තෙමි. අද ලෝකයේ බෞද්ධ , මුස්ලිම්, හා කතෝලික වශයෙන් ප්‍රධාන ආගම් තුනක් ඇත. මෙම ආගම තුනෙහිම බැතිමතුන් එකට වන්දනා කරන ලොව එකම  ස්තානය ඇත්තේ ලංකාවේය, විදේශ පොතපතෙහි මීට වසර දහස් ගණනකට පෙර මහා ඇලෙක්සැන්ඩර් රජු වැදපුදාගත් බව ලියවෙන, ලොව ප්‍රථම මිනිස් වාසය බිහිවූ ස්ථානය ලෙස අන්‍ය ආගමිකයන් අදත් සලකන ස්තානය තියෙන්නේ අප උපන් හෙළබිම තුලය.

Prasad Kumara

මෙය ඔබේ මිතුරන් සමග බෙදාගන්න

Share to Google Plus
Share to LiveJournal

ධාතු කතාවෙන් හෙළිවන රහස

ප්‍රථමයෙන්ම, අද ලංකාවේ ඇති අපමහ ගෞතම බුදුරජානන් වහන්සේ ගේ ශාරීරික ධාතු සහ පාරිභෝගික වස්තු, ලේඛන හා වාර්තා ඔස්සේ උපුටා ගනිමින් පෙලගස්වමු.

buddha

සිදුහත් අසිපත

ලෝකයේ දැනට සදහන්වී ඇති බුද්ධ ඉතිහාසයේ, පුරාණතම වස්තුවය වන එදා සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමනයේදී සිය කෙස් වැටිය සිඳලූ අසිපත මෙය ය. කතරගම කිරිවෙහෙරේ තැම්පත් කර ඇත (1)

කේශ ධාතු

එදා අහසට විසිකර දැමු කේශ ධාතු දේවගොත්රික නායකයා වූ සක්දෙව් විසින් තවුතිසා ලොව, සිළුමිණ නම් සැයක් සදා තැම්පත් කර බව සදහන්වන මුත් අද දක්වා එය කොහිදැයි හදුනාගෙන නොමැත. තපස්සු භල්ලුක වෙළද දෙබැයන් ලබාගත් කේශධාතු ස්ථාන රැසක තැම්පත් කර ඇත. ඒවා නම්,

සිරිහඩු (සිරි=බුදුන්, හඩු=කෙස්)  සෑය තිරියාය (2) පසුව මෙය ගිරිහඩු සෑය නම්විය. මෙම ස්ථානය ආකාශ චේතිය නමින්ද හැදින්වූ බවට සාදක ඇත.

ගිරිහඩු සෑය අම්බලන්තොට (3)

කුරුණෑගල මාවතගම, අරම්පල මකුලාන රජමහ විහාරය (4)

Sri Lanka. Girikandaraya Chaitiya near Kalametiya Lagoon. South Coast.

හම්බන්තොට කළමැටිය ආසන්නයේ ඇති (එහි දාගැබ් නවයක් ඇත) විහාර නමය (5)

හම්බන්තොට ගොඩවාය වරාය අසල ගෝටපබ්බත රජමහ විහාරය (6)

දකුණේ තංගල්ල වනවාස විහාරය නොහොත් කුඩා තංගලු විහාරය අසල ගිරිහඩු සයක් ඉදිකර ඇතත් අද මෙය හදුනාගත නොහැක. ඉහත සදහන් සියලු ස්ථාන වල ඇත්තේ  තපස්සු භල්ලුක වෙළද දෙබැයන් ට ලබාදුන් කේශධාතු කොටස් ය. එනමුදු අද බැතිමතුන් සිතනුයේ තිරියායේ පමණක් තැම්පත් කල බවය. ඒ හා සමාන අනිත් ස්ථාන බොහෝදෙනෙකු නොදැන සිටීම මෙයට හේතුවය .

මීට අමතරව තපස්සු භල්ලුක වෙළද දෙබැයන් විසින් ජයසේන නම් නා රජුට ලබාදුන් තවත් කේශධාතු කොටසක්, කාවන්තිස්ස රජුකල සිව නම් භික්ෂුන් වහන්සේ නමක් රැගෙනවිත් සේරුවිල මංගල මහා සැයේ තැම්පත් කල බව සදහන් වේ (7)

බුද්ධත්වයෙන් නමවන මස මියුගුණ දම් දෙසුමේදී, සුමන රජුට ලබාදුන් කේශධාතු මහියංගන ච්යිත්‍යයේ නිදන් කෙරුණි (8)

මහසෙන් රජ කල කරවූ (කි.ව.274-301) අනුරාධපුර ජේතවන මහා ස්තුපය තුල තවත් කේශධාතු කොටසක් ඇති බව, වන්දනා කිරීමට යොදාගන්නා ගාථාවේ සදහන්ය (9)

Muthiyangana

බුදුරදුන් මුතියංගන වැඩමවූ අවස්ථාවේ ඉන්දික නම් දේව පුත්‍රයාට දුන් කේශධාතු මුතියංගන දාගැබෙහි තැන්පත් කර ඇත (10) මාට අමතරව මුතු බවට පත්වූ බුදුන්ගේ දහදිය එහි ඇතයි විශ්වාසයක් පවතී .

බුදුරදුන් කතරගමට වැඩි අවස්ථාවේ එකල එහි පාලක වූ මහසෙන් නොහොත් මහාඝෝෂ රජුට ලබාදුන් කේශධාතු කිරිවෙහෙරේ තැම්පත් කර ඇත (11)

මහනුවර යටිහෙලගල විහාරයෙහි, පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ කේශධාතු කොටසක් තැම්පත් කර ඇත. එම කේශධාතු ලැබුණු ආකාරය සදහන්ව නැත (12)

පළමුවන මුගලන් රජු සමයේ, ශිලාකාල නම් කෙනෙකු දඹදිව සිට කේශධාතු රැගෙනවිත් තිබුනද, අද එය තැම්පත් කල ස්ථානය සොයාගැනීමට අපහසුය.

තවද බුදුරජුන් ජීවමාන සමයේ රහතුන් වහන්සේ සයනමකට ලබාදුන් කේශධාතු මුහුද ආශ්‍රිත පෙදෙසක ස්තුප සයක තැම්පත් කෙරුණි. එම දේශය “කේශාවති” නමින් හදුන්වනු ලෑබු නමුත් අද හදුනාගත නොහැක.

kyaiktiyo-golden-rock

මීට අමතරව බංගලිදේශය, බුරුමය වැනි රටවලද කේශධාතු නිදන්වූ වෙහෙර විහාර ඇති නමුත් “ඉන්දියාවේ” කේශධාතු හෝ නකාධාතු තැම්පත් කල ස්ථාන හමුවී නැත. බංගලිදේශයේ ඇති කේශධාතු වලින් කොටසක් නැවතත් හුණුපිටිය ගංගාරාමය හා මාදම්පේ සේනානායකාරාමයේ මෑතකදී තැම්පත් කර ඇත.

ග්‍රීවා ධාතුව (බෙල්ල ආශ්‍රිත අස්ථි සතක්) (13)

සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය වූ සරබූ තෙරුන්, එදා උපවත්තන සල් උයනේ පිරිනිර්වානයෙන් පසු දැල්වූ ච්තකයෙන් ලබාගත් ලොව ප්‍රථම සර්වඥ ධාතුව, තැම්පත් කෙරුනේ පෙරකළ සුමන රජු කේශධාතු තැම්පත් කල මහියංගන ස්තුපයේම ය. හෙළ භික්ෂුවක් වූ සරබූ තෙරුන් එදා එහි පැමිණියේ තවත් භික්ෂුන් වහන්සේ පන්සීය නමක් සමගිනි . සීවලී සහ සුමන නම් සමනේරයන් වහන්සේ නා ලොවෙන් ගෙන ආ මෙදවර්ණ පාෂණයෙන් සැය වසා දෙළොස් රියනක් උසට ස්තුපය නැංවූ බවට සදහන් වේ. සරබූ යනු සුමන රජුගේ වැඩිමහල් දියණියගේ දරුවකු බව ජනප්‍රවාද වල සදහන් වේ.

ලලාට ධාතුව (14)

මෙය බුදු සිරුරේ නළල් තලය ආශ්‍රිත ධාතුවය. පැරණි වංස කතා වලට අනුව, මෙම ධාතුව මලල රජදරුවන් ලබාගත් ධාතු කොටසට අයත් විය. ඉන්පසු කාලයෙන් කාලයට රහතුන්වන්සේලා  විසින් ආරක්ෂාකරමින් බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි ස්ථාන වල තබමින් වන්දනා කර ඇත.

මහාවංසය අනුව දෙවනපෑතිස් රජුගේ සොහොයුරා වන මහානාග කුමරු රුහුණට පලායන්නේ මහින්දාගමනයට පෙරය. ඉන්පසු රුහුණේ ඇති නාග විහාරය(තිස්සමහාරාමය හෝ ඒ අසල වෙනත් විහාරයක) නම් වූ ස්ථානයක ලලාට ධාතුව තැම්පත් කර වන්දනා කලබව සදහන් ය. මහානාග රජු මෙම ධාතුව ලබාගන්නේ ලක් පොලවේ “හත්ථොට්ඨ” ජනපදයේ කුක්කුට පර්වතය අසල සල් ගසක් යට වූ ආරාමයකින් ය. ඒ වනවිටත් එහි ජනයා පන්සිල් හා අටසිල් රකිමින් ද දානාදී පින්කම් කරමින්ද සිටිබව සදහන් වේ. (බොහෝවිට මහින්දාගමනයට පෙර) එම ආරාමයට ලලාට ධාතුව වැඩමවූයේ කොසබෑ නුවර ඝෝසිතාරාමයේ සිට මහාදේව නම් රහතන් වහන්සේ විසින් බව ධාතු විස්තරයේ සදහන් වේ.  ඉන්පසු මහානාග පරපුරෙන් රුහුණේ පැවත එන කාවන්තිස්ස රජු හා විහාරමහා දේවිය, පෙරකී කේශධාතු මෙන්ම ලලාට ධාතුවද සේරුවිල මංගල මහා සැයේ තැම්පත් කල බව සදහන් වේ. එදා සිට (කි.පු. දෙවන සියවස දුටුගැමුණු රජුට පෙර) අද දක්වා එම ස්ථානයේ “ලලාට ධාතුව”  ඇති බවට විශ්වාස කෙරේ.

දකුණු යටි දළදාව (15)

කාවන්තිස්ස රජුගේ සොහොයුරිය වූ සෝමා දේවිය කරවූ සෝමාවතී දාගැබෙහි දකුණු දළදාව තැම්පත් කර ඇත. ද්‍රෝන බමුණා විසින් පාදයෙන් යටකර සගවාගත් එමධාතුව, ජයසේන නම් නා රජු නාලොවට රැගෙන ගොස් වන්දනාමාන කළේය . අරිෂ්ඨ නම් රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතඑන මහාදේව රහතුන්ගේ ශිෂ්යවූ මහින්ද නම් රහතන් වහන්සේ නමක් නාලොවට වැඩ, දළදාව රැගෙන ආ බව සදහන් වේ.

වම යටි දළදාව (16) hemamala-dantha

ද්‍රෝන බමුණා ධාතු බෙදීමට පෙර, සැරියුත් රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ ඛේම රහතන් වහන්සේ වම යටි දළදාව ලබාගෙන බ්‍රහ්ම දත්ත නම් කලිගු දේශයේ රජකුට භාරදෙන ලදී. ඉන් පසු සුභාසීව කලිගු රජු සමයේ, පඩි රජුගේ බෑනා කෙනෙකු යුද්ධ කර දළදාව ලබාගැනීමට සැරසුන අතර ඉන් බියට  පත් වූ සුභාසීව රජු තම දියනියවූ හේමමාලා සහ බැනනුවන් වූ දන්ත කුමරු අත සිංහලයට වැඩමවූ බව සදහන් වේ. සුභාසිව රජු එම යුද්දයේදී මරණයට පත්විය . සිංහලයට එන ගමනේදී දකුණු දිසාවේ වැලි වලින් සැදු දාගැබක දළදා වහන්සේ රැදවූ බවත්, ඉන් නාගයෙකු සොරාගෙන නැවතත් රහතන්වහන්සේ කෙනෙකුගේ උදව්වෙන් ලබාගත් බවත් සදහන් කරයි . එලෙසම රුවල් සහිත යාත්‍රාවකින් ජලමාර්ගයක ගමන් කර, කිත්සිරි මෙවන් රජු දවස අනුරාධපුරයට පැමිනුනි. එදා සිට අද දක්වා විවිධ රාජධානි වල තැම්පත් කරමින් වර්තමානයේ මහනුවර දළදා මාලිගයේ වැඩසිටින්නේ එම දන්ත ධාතුන් වහන්සේය .

දකුණු අකු ධාතුව (17) උරහිස් අස්ථිය

දෙවැනි පෑතිස් රජදවස මිහිදු හිම්යන්ගේ උපදෙස් පරිදි සුමන සාමනේරයන් (සගමිත් තෙරණියගේ ගිහිකල පුතු ) සක්දෙව් හමුවී, ඔබ ලග ඇති වම සහ දකුණු අකු ධාතුන් එකක් ඉල්ලා සිටි සේක. එවිට සක්දෙව් සිළුමිණ සැයේ හි තැම්පත් කර තිබු දකුණු අකු ධාතුව ලබාදුන් බව සදහන් වේ.

අකු ධාතුව ඇතු පිට නංවා දාගැබකට සුදුසු ස්ථානයක් සොයමින් යන අතර එක ස්ථානයක ඇතු නැවතුනේය. එයට හේතුව වුයේ, එම ස්ථානයේ කකුසඳ බුදුන්ගේ ඩබරා ධාතුවද, කෝනාගම බුදුන්ගේ පටි ධාතුවද, කාශ්‍යප බුදුන් ගේ ජල සාටිකාවද මෙහි තැම්පත් කර තිබීමය. දෙවනපෑතිස් රජතුමා එම ස්ථානයේ දාගැබක් කර අකුධාතුව තැම්පත් කළේය. සිවු බුදු වරුන්ගේ ධාතු තැම්පත් කල ස්ථානයේ සැදු එම දාගැබ අනුරපුරයේ ථුපාරාමය නමින් අදත් විරාජමාන වන්නාහ.

එදා මල්ලවරජදරුවන් ගේ උයනේ ආදාහනය කල බුදු සිරුරේ ආදාහනය නොවී එම ආකාරයට ඉතිරිවූයේ හිසට ආසන්නව තිබු දන්ත දාතු සතරක්, ලලාට ධාතුව, ග්රීවා ධාතුව සහ වම දකුණ අකු ධාතු පමණි. සෙසු අස්ථ කොටස් කුඩා කැබලි බවට පත්විය. එහි කොටසක් මුන් පියලි වල ප්‍රමාණයෙන් ද, කොටසක් සහල් ඇට ප්‍රමාණයෙන් ද, කොටසක් අබ ඇට ප්‍රමාණයෙන් ද විසිරුන බව සදහන්ය. ද්‍රෝන බමුණා එදා එම කුඩා ධාතු බෙදු භාජනය (cup) ද්‍රෝනය නමින් හැදින්වූ වූ අතර කුඩා කොටස් එකතුකළ විට ද්‍රෝන අටක් (8 cups) තිබු බව සදහන්ය.

ඉන්පසු එම ද්‍රෝන අට රාජ්ජයන් අටකට බෙදාදුන් අතර ඒවා ස්තුප අටක තැම්පත් කෙරුණි. ඒවා අතර රාම ග්‍රාමයෙ කෝලිය වංසිකයන් ද, කිඹුල්වත් පුර ශාක්‍ය වංසිකයන් ද, විශාලා නුවර ලිච්චවී රජදරුවන් ද රජගහනුවර,  අල්ලකප්ප නුවර, රාම ග්‍රාමය, වේඨදීපක නුවර, පාවා නුවර සහ කුසිනාරා නුවර තැනු ස්තුප අයත් ය. පීප්පලි නුවර මොවුර්ය රජදරුවන් පැමිණියේ ධාතු බෙදාදීමෙන් පසුවය. එබැවින් ඔවුන් චිතකයේ අගුරු රැගෙන ගොස් “අන්ගාර” නම් චයිත්යක් කරවීය. එලෙසම ද්‍රෝන බමුණා දාතු බෙදාදුන් “බදුන” රදවා දාගැබක් කරවීය.  ද්‍රෝන බමුණා ධාතු බෙදීමට මුලික වුයේ ඇතිවීමට ගිය යුධ තත්වයක් වැලක්වීමටය .

drona-bamuna

එකල සියලු එහි පමණි සියලු රටවල රජදරුවන් අතර ද්‍රෝන බමුණාගෙන් ශිල්ප උගත් සිසුවන් සිටිබවින්, ඔහු හට ධාතු බෙදා තත්වය සමනය කිරීමට හැකි වූ බව සදහන්ය .

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු වන්දනාමාන කිරීමට ච්යිත්ය දහයක් සැදු බව මෙයින් පැහැදිලිවේ. එනම් ද්‍රෝන 8 + අන්ගාර + නැලිය = 10

බුදුරජානන් වහන්සේගේ පරිනිර්වාණ සිදුවී කලක් ගියකළ, මෙසේ තැන්  තැන් වල තැනු ච්යිත්ය අටක තිබෙනා ධාතු අනාරක්ෂිත බවත් ඒවා අන්‍ය ආගමිකයන් නිසා කිලිටි හැකි බවත් මහා කාශ්‍යප හිමියන්ගේ අදහස විය. එබැවින් අජාසත් රජුගේ අනුග්‍රහයෙන් ධාතු නිදන්කිරීමට විශේෂ ස්ථුපයක් රහසේම කෙරවිණි. ඉන් පෙර ධාතු තැම්පත් කල ද නිදන් කිරීමක් සිදු නොවිය. තැම්පත් කිරීම යනු ඕනෑම කෙනෙකුට දැක බලාගත හැකි ආකාරයෙන් (ප්‍රදර්ශනය) විහාරයක් තුල තැබීමය. නිදන් කිරීම යනු කිසිම කෙනෙකුට ලගාවිය හෝ දැකගත හෝ නොහැකි ලෙස ශක්තිමත් ගර්භයක රැදවීමය.

අජාසත් රජු, එම විශේෂ ස්තුපය රහසිගත ස්ථානයක, කාටවත් ලංවිය නොහැකි ලෙස වායුවෙන් ක්‍රියාත්මක වූ යන්ත්‍ර යොදා ආරක්ෂාකර (බ්‍රමණය වෙමින් තිබු කඩු සහිත යන්ත්‍රයක්) ධාතු නිදන් කර වීය. කලින් බෙදා දුන් ද්‍රෝන අටෙන් සතක්ම එහි තැම්පත් කරන ලදී , රාම ග්‍රාමයේ කෝලිය වන්සිකයින් තැනු ච්යිත්‍යයේ ධාතු වෙත නාග ආරක්ෂාවද වූ නිසා ලබා නොගැනිණ. කපිලවස්තු මෙන්ම ලිච්චවී ඇතුළු ද්‍රෝන සතම එහි තැම්පත් කෙරුණි. එබැවින් අජාසත් රජු සමයෙන් පසු කපිලවස්තු පුර ධාතු නොවීය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවුරුදු දෙසිය ගණනක් ගෙවුන කල රජවූ අශෝක රජ විහාර අසු හාරදහසක් කිරීමට ධාතු ලබාගන්නා අටියෙන් ධාතු ඇතැයි පෙර සම්මතයේ තිබු විහාර අට බිඳ (කපිලවස්තු පුර විහාරයද ඇතුළුව) පරීකෂා කරද ධාතු හමු නොවීය. වයස්ගත භික්ෂුන් ගෙන් විමසුවද ධාතු කොහ්දයි කිසිවෙකු දන සිටියේ නැත. ඉන් එක භික්ෂුන් වහන්සේ නමක් තමාගේ ගුරු හාමුදුරුවන් විසින් ආරක්ෂාකරගත යුතු යි පෙන්වූ ගර්භයක තිබී පෙර කල නිදන් කල ද්‍රෝන සත හමු විය. එම ගර්භය බිදීම එතරම් පසු කරුණක් නොවීය , ඊට සක්දෙව් ගේ උපකාරය ලබාගැනීමට සිදුවිය.  එය තුල තිබුයේ ද්‍රෝන සතක් බව දන ඉතිරි එක කොහිදැයි ? රජු විමසු බවත්, එය රාම විහාරයේ තිබී ගංවතුරට ගසාගෙන මුහුදට ගොස්, මුහුදු වැල්ලේ තිබෙනු දැක මාන්ජරික නාරජු ලබාගත් බවත්, රහතන් වහන්සේ පැවසු සේක.

ද්‍රෝණයක් ධාතු (18)

දුටුගැමුණු රජතුමා ඉදිකළ රුවන්වැලි සැයේ රදවා ඇත්තේ, කෝලිය වන්සිකයන්ට බෙදාදුන් ධාතුය. සෝනුත්තර නම් සාමනේරයන් වහන්සේ නමක් නා ලොව වැඩ මහකෙල නම් නාරජු හමුව ධාතු විමසුවද නැතැයි පැවසීය. එය වාසුල දන්ත නම් නාගයෙකු සගවාගෙන විසිය. සෝනුත්තර හිමි සම්‍යක්ප්රෝගයකින් ධාතු ලබාගෙන පැමිණියේය.

අද අප පැහැදිලිව හදුනාගත් වැඩිම ප්‍රමාණයක් ධාතු ඇති දාගැබ රුවන්වැලි මහා සෑය වන්නේ එම නිසාය.

උර්ණ රෝම ධාතුව (19)

බුදුරජුන් ගේ නළලේ පිහිටි මෘදු රෝමය, උර්ණ රෝම ධාතුව නම් වේ. මහා පුරුෂ ලක්ෂණයක් වන මෙය දකුණට කරකැවී දගරයක ආකාරයට පිහිටා ඇත.

ambasthala

බුද්ධ වග්ග පාලියට අනුව, කොසොල් රටේ ඇති බව සදහන් ය. පසුකලක ධර්මාශෝක රජු හරහා මිහිදු හිමියන් විසින් උර්ණ රෝම ධාතුව සහිත අෂ්ටවංක මානික්‍ය සමගම මිහින්තලයේ සෑගිරි පර්වතයේ නිදන් කළහ. කලකට පසු මහදැලියාන රජු ස්ථුපයක් කරවා ඇත. අද එය මිහින්තලා මහා සැය නම් වන අතර පෙරකළ අම්බුළු දාගැබ යනුවෙන් ද හදුන්වා ඇත.

වම අකු ධාතුව (20) උරහිස් අස්ථිය

තිස්සමහාරාමයේ ඇති බව සදහන් සෙල් ලිපියක්, ලැබුන බව බුදුසරණ පුවත් පතේ පලවී තිබුණි. වංස කතාවට අනුව මෙය තිබිය යුත්තේ  සිළුමිණ සැයේහි ය .

නඛා (නිය පොතු ) ධාතුව. (21)

අම්පාර දිස්ත්‍රික්කයේ දීගවාපි මහාසෑයේ බුදුරජාණන් වහන්සේගේ වම හස්තයේ නියපොතු තැම්පත් කර ඇතයි සදහන් වේ. මෙහි සද්ධා තිස්ස රජු ස්තුපය කරවා ඇත .

නඛා වෙහෙර යනු නඛා ධාතු තැම්පත් කල විහාරය. මේවා ලංකාවේ බොහො ගනක් දක්නට ලැබේ.

කැකිරාව පල්ලේකා ගම නඛා වෙහෙරක් ඇත (22) අනුරාධපුර නගරයේ තවත් නඛා වෙහෙරක් ඇත (23)

එගොඩ කැලණිය වශයෙන් හදුන්වන කිත්සිරිමෙවන් විහාරයයෙද  නඛා ධාතු, කේෂ ධාතු ද නිධන් කර ඇති බවට විශ්වාසයක් පවතී.

පාත්‍රා ධාතුව (24)

සතරවරම් දෙවිවරු පුජාකළ පාත්‍ර සතර, බුද්ධ අදිෂ්ඨානයෙන් එක්වීය. ශෛලමය ඉඳුනිල්වන් වූ එම පාත්‍රය මිහින්තල අම්බස්තල ච්යිත්‍යයේ තැම්පත් කර ඇත .

දළදා මැදුර ඉදිරිපිට නාථ දේවාල භූමියේ ඇති ස්තූපය තුළ හෝ ඒ සමීපයේ ඇති අනෙක් ස්තූපය තුළ හෝ දළදා මැදුර තුළ ඇති කුඩා ස්තූපය තුළ හෝ මල්වතු මහා විහාරයේ ස්තූපය තුළ හෝ පාත්‍ර ධාතූන් වහන්සේ නමක් තැන්පත් ව ඇතැ’යි සැලකේ (25)

ජනප්‍රවාදවලට හා ඇතැම් ලේඛනවලට අනුව  බුදුරදුන් දන් වැළඳූ තවත් පාත්‍රා ධාතූවක්  තැන්පත් ව ඇත්තේ කෑගල්ල ඓතිහාසික බෙලිගල රජ මහා විහාරයේ ස්තූපය තුළ යි (26)

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කළ දිනයේ උදෑසන නේරංජරා නදියේ පා කළ පාත‍්‍රය උඩුගං බලා ගොස් පසු ව නාග ලෝකයේ පිහිටි බව අසා පැවසේ. එය දුටු මහා ආයුෂ ඇති මහාකාල නා රජු, අද කෙනෙකු බුදු වන්නට යන බවට අනාවැකියක් පලකල බව ද සදහන්ය . එම පාත්‍රය අද සොයාගන්නට නැත.

ජල සාටිකා ධාතුව (27) නොහොත් දියනෑමට භාවිත කළ සිවුර

අද එගොඩ කැලණිය වශයෙන් හදුන්වන කිත්සිරිමෙවන් විහාරයේ නිදන්කර ඇත.

පටි ධාතුව (28)

අනුරාධපුරයේ ජේතවනාරාමය තුල කේශ ධාතු වලට අමතරව, බුදුන්ගේ පටි ධාතුව (ඉන බැදී පටිය) සහ තවත් අස්ථි ධාතු අඩංගුවන බව ජේතවනාරාමය වන්දනා කිරීමට යොදාගන්නා ගාථාවේ සදහන්ය.

රන් අසුන (29)

කතරගම කිරි වෙහෙරේ, අසිපත හා කේශධාතු වලට අමතරව බුදුන් වැඩසිටි රනින් කර අසුනක් (පුටුවක්) ඇති බව සදහන් වේ.

මැණික් අසුන (30)

එදා චුලෝදර හා මහෝදර දෙබැයන් පුජාකළ මැණික් පුටුව මනිඅක්ඛික නා රජු සිටි පෙදෙසේ විහාරයක තැම්පත් කල බව සදහන්ය.

නිකවැරටිය නගරයට ආසන්නව ඉදිකර ඇති බුදුමුත්තාව රජමහා විහාරයේ, කිසාගෝතමීය බුදුනට පිදු මුතුහර තැන්පත් කර ඇතැයි විශ්වාසයක් පවතී. බුදුමුත්තාව රජමහා විහාරය මහසෙන් රජුගේ කාලයේ ඉදිකරන ලදැයි සැලකෙයි (31)

මහින්දා ගමනයෙන් පසු, ථුපාරාමයට දාතු ලබාගැනීමේ අදිටනින් මගදයට පැමිණි සුමන සාමනේර හට, අශෝක රජු පාත්‍රයක් පුරවා ධාතු ලබාදුන් බව සදහන්ය. එම ධාතු කලක් මිහින්තලයේ රදවාගෙන පසුව ඇතකු පිට වැඩමවාගෙන ගොස් සතර ගව්වෙන් සතර ගව්ව, මුළු ලක්දිව පුරාම දාගැබ් කරවා නිදන්කළ බව සදහන්ය. ගව්ව යනු එතරම් දුරක් නොවේ. ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදිවෙවායි පවසන්නේ එම නිසායය. පාත්‍රයක් පිරවීමට කුඩා ප්‍රමාණයෙන් විසිරුණු දාතු දහස්ගනනක් දැමිය හැකි බව නම් නොඅනුමානය. අද ලංකාවේ ඇති වෙහෙර විහාර ප්‍රමාණය දකිනවිට මෙයනම් සබැ සත්යක් ම වියයුතු බව පසක් වේ.

ධාතු පරිනිර්වාණය.

ධාතු විස්තරය ඇති වංස කතාවල බුද්ධ සාසනයෙන් වසර පන්දහසක් (පණ දහසක් යි සමහරු කියති ) ගෙවුන කල සියලුම ශාරීරික ධාතුන් වහන්සේලා පරිනිර්වාණය වන බව සදහන්ය. එදිනට ස්තුපවල ඇති ධාතුන් වහන්සේලා අහසට පැන නැග අනුරාධ පුරයේ රුවන්වැලි සැයේ ඇති ද්‍රෝණයක් ධාතු හා එක්වෙයි. ධාතු නිදන්කළ දා සිට රුවන්වැලි සෑය තුල දැල්වූ සිංහා තෙල් පහන එදින නිවී යයි. ඉන්පසු නාගදීපයට වැඩ සියලු ධාතු මැණික් පුටුව මත පිහිටමින් නාගයන් ගේ වැදුම් පිදුම් වලට ලක්වන්නේය. අවසානයේ නැවතත් අහසට නැග එදා බුදුන් බුදුවූ බෝගස යට වජ්රසන්ය මත පිහිටා, බුදුරුවක් නිර්මාණය වී පෙලහර පාන්නේය. සවනක් ඝන බුදුරැස් විදන්නේය. අවසානයේ මහත් ගිනිජාලාවක් පැනනැගි සියලුම ධාතු ආදාහනය වන්නේය. අළු හෝ දැලි කිසිවක් ඉතිරි නොවන්නේය .

විමර්ශනය    …………………………………

ධාතු පරිනිර්වාණය අතිශෝක්තියෙන් ලියුවක් බව පෙනී යයි . එම කොටස මහායාන අභාෂයක් ලෙස පෙනේ. අවුරුදු පන්දහසක් තුල සිංහ තෙල් පහනක් දැල්වීමට කොතරම් සිංහයන් මැරිය යුතුදැයි රචකයා සිතා නැත.

වංස කතාවන් ලියවෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර සිය ගණනක් ගතවූ පසුය. එබැවින් එතෙක් කට වචනයෙන් ගෙන ආ කරුණු ලියවෙන්නේ රචකයාගේ නැණ පමණින් වටහා ගනිමින් ය. වර්තමානයේ ජන සන්නිවේදනය දියුණු වී ලෝකය විශ්ව ගම්මානයක් වී ඇතත් මින් වසර දෙදහසකට පෙර ලග ඇති ගම්මාන දෙකක් වුව රටවල් දෙකක් ලෙස සැලකීය. ගම්මානයක ජීවත් වන්නන් ඉන් බාහිර ලෝකය ගැන දන්නා දැනුම අල්ප විය . එබැවින් පුරාණ ලේඛන වල ඇති වාර්තා වශයෙන් ගත හැකි, පුද්ගලයන්, ස්ථාන හා සිදුවීම් හැර රචකයා විසින් සිතා එකතුකළ දේ පැහැදිලිව වෙන්කර හදුනාගැනීමට අප ඥානාන්විත විය යුතුය. උදාහරණයක් ලෙස, රජතුමා මෙසේ සිතීය, බුදුරජ්ජාණන් වහන්සේ මෙසේ අදිෂ්ඨාන කළේය යන කරුණු දැක්විය හැක. මක් නිසාද යත් බුදුවරයෙකු සිතුවේ කුමක්‍දැයි පැවසීමට මෙලොව කිසිවෙකුට නොහැකි නිසාය. එලෙසම තවත් කරුණු දැඩි භක්තිය නිසා අතිශෝක්තියෙන් ලියා ඇත. සමහර අවස්ථාවල රචකයා කැමති චරිත වඩාත් ඉස්මතු කර ලියා ඇත. මහාවංසය තුල ද්‍රවිඩ පාක්ෂික ආකල්ප ඇත. එහි එළාර රජු කිසි විටකත් හෙලා නොදකියි. එළාර රජු බැදවූ සීනුව, සිය පැටවා මියගිය එළදෙනක පැමිණ නාදකල බව කියවේ. එලදෙනකු ට එවන් සිතුවිලි පහලවේද ? එසේ කල හැකි ද? මේවා  අප නුවනින් දත යුතුය. රට එක් සේසත්කර විහාර රාශියක් කරවමින් දැවැන්ත ශාසනික මෙහෙවරක් කල  ගැමුණු රජු, තම පියාට ස්ත්‍රී සළු යැවූ නිසා දුෂ්ට ගමිනීය. තම පියා මැරු කාශ්‍යප නිකන්ම කාශ්‍යපය.

මනුෂ්‍යයන් හා සම්බන්දවූ නාග ගෝත්‍රිකයන් අරුම පුදුම මිනිස් වෙසින් ඇති නයි ලෙස දැක ඇති අතර, දේව ගෝත්‍රිකයන් හා දේවතාවන් පටලවාගෙන තිබේ. දේවතාවන්ට මෙන්ම නයින්ටද නම් (names) නැත , රජවරු නැත. සමහරවිට මුල් රචකයා එසේ සිතා නොසිටියත් පසුකලක පරිවර්තකයා එලෙස සිතන්නේය. යම් දුරක් ගලපාගත නොහැකි විට අහසින් ගමන්කළ බව සිතන්නේය.

ධර්මාශෝක රජු

අපගේ වංස කතාවල මෙන්ම සෙල් ලිපි වල, බොහෝ ගණනක් තිස්ස, අභය,ප්රියධර්ශි සහ ගාමිනි නම් සදහන් වන්නේය. ගමක ගම්පති ද ගාමිණි ලෙස හැදින්විය හැක. ඉන්දියාවේ ටැම් සහ ගල් ස්ථාන 33 ක දේවානම් පියධර්ශි යන නම ලියවෙන්නේය.  අවසාන වශයෙන් හමු වෙන කර්ණාටක පෙදෙසේ ඇති  ඉන් එකක අශෝක යන නම සදහන්විය (මෙය ව්‍යාජ ලිපියක් ලෙස සැලකේ) වසර 1915 වනතුරු දේවානම් පියධර්ශි කවුදැයි කිසිවෙකු නොදැන සිටියේය. “හියු එං සාං” හා පාහියන් වාර්තා මෙන්ම, අපේ මහාවංසය බැලු සුද්දා “සමුරාට් අශෝක” නම් වීර චරිතය ඉන්දියාවට තෑගි කළේ ය.

dharmashoka

එදා සිට ඉන්දියාව මෙන්ම ලංකාවේද ඉතිහාසයේ මංමුලා විය. මක් නිසාද යත් මහා භාරතය නම් වූ පුරාන ඉතිහාසයක් ඇති ඉන්දියාව තුල කිසිම ග්‍රන්තයක අශෝක යන නම හෝ ප්රියධර්ශි යන නම ලියා නොතිබූන නිසාය. වැඩි විස්තර >>

ඉන්දියාව් අශෝක රජු සිටි නගරය ලෙස අනුමානවන පට්නා නගරයේ සිට අනුරාධපුරයට ඇති රේඛිය දුර(විස්ථාපනය) කිලෝමීටර 2000 කට වැඩි බව ඔබ දන්නවාද? සරල වශයෙන් ගමන් කිරීමේ දුර කිලෝමීටර 3000 කට වැඩි මිස අඩු නොවේ .

අපගේ වංසය කතා අනුව එදා අනුරාධපුර රජකළ දේවානන් ප්‍රිය තිස්ස රජුගේ නියෝජිතයන් අශෝක රජු හමු වී ඇත්තේ දින දාහතරක (14) ගමනකින් පසුවය. මේහිදී දින සතක් ජල මාර්ගයකත් දින සතක් ගොඩබිමිනුත් ගොස් ඇත. නැවත පැමිණීමේ දී ගතවී ඇත්තේ දින දොළහකි. රාහුල  කුමරු හා සමාන්තර නෑයෙකු  වූ භද්ද කච්චායනා කුමරිය(අමිතෝදන රජුගේ දියණියකි) තවත් තිස් දෙනෙකු වූ කාන්තාවන් සමග දඹදිව සිට පැවිදි වෙස් ගෙන ඔරුවක පාකර දැමු බවත්, පසුදා ලන්කාපුරට ලගා වූ බවත් සදහන්වන්නේ එම වංස කතාවලය.

එකල අද මෙන්, මන් මාවත් නොවීය, මංසන්දි වල යායුතු මග පුවරු නොවීය. අහාර පාන ලබාගැනීමට බෝජනශාලා රාත්‍රිය ගතකිරීමට නවාතැන් නොවීය. අඳුර වැටීමට පෙර නැවතීමට නවාතැනක් සොයාගත යුතුය. දිනකට මිනිසෙකුට ගමන්කර හැකි දුර, අශ්වයෙකුට ගමන්කර හැකි දුර සහ රුවල් ඔරුවකට පාවී යා හැකි දුර අන්තර්ජාලය ඇසුරෙන් සොයා බැලුවිට පෙනුනේ ඉතාම සුළු දුරක් ලෙසය. තාරුකා ශාසස්ත්‍රය ඔස්සේ දවල්ට ගමන්කළ නොහැක. මාලිමාවක් භාවිතා කලද  කඳු, ජලාශ, ගංගා සහ ඝන වනාන්තර තුලින් ගමන් කල නොහැක, ඒවා මගහරවා යා යුතුය. තවද විවිද ප්‍රදේශවල ජනකොටස් සිතන ආකාරය, භාෂාව මුළුමනින් ම වෙනස් ය. උදාහරණයක් ලෙස ලංකික සිංහල ජනතාවට යාපනයේ භාවිතාවන ද්‍රවිඩ භාෂාව කතාකළ නොහැක. තමිල්නාඩු ජනතාව හින්දි භාෂාව නොදනී.

pathra

ඉහත සදහන් ධාතු කතාව අනුව, වෙහෙර අසු හාරදාහක් සදහා අශෝක රජු ලබාගත් ද්‍රෝන සතක ධාතු කොපමණ ප්‍රමානයක් විය හැකිද ? එදා දේවානම් ප්‍රිය තිස්ස රජු සදහා දාතු ලබාගැනීමට පැමිණි  සුමන සාමනේරයන් හට අශෝක රජු පාත්‍රය පුරවා ධාතු ලබාදුන් බව සදහන් වේ. සාමාන්‍ය සිරුරක අස්ථි කුඩා කොටස් ලෙස ගතහොත් කොපමණ තිබිය හැකිද ? අශෝක රජුට පෙර තිබුනේ කුඩා ධාතු නිදන් කල විහාර අටක් පමණි . දෙවන පෑතිස් යුගයෙන් පසු ධාතු නිදන්කර තැනු චයිත්ය විශාල පරමානයක් ලංකාවේ පවතින බව සත්‍යකි ඒවාහි ඇති ධාතු ප්‍රමාණය සලකා බැලීමේදී, පාත්‍රයක් පුරවා ගත හැකි පමණටත් වඩා තිබෙන්නට පුළුවන. එසේ නම් පාත්‍රයක් පුරවාදුන් කතාව ප්‍රායෝගිකය.

දැන් ප්‍රශ්නය වන්නේ අශෝක රජු ඉන්දියාවේ සැදු වෙහෙර විහාර අසුහාර දහසට ධාතු ඉතිරිවූයේ කෙසේද යන්නය. අමනුෂ්යන් සිටියායි කියන ලක්දිව, බුදු පිරිනිවනට පෙර සැදු ගිරිහඬු සෑය පවතින මුත් ඉන් වසර තුන්සිය ගණනකට පසු අශෝක රජු සැදු වෙහෙර විහාර අසුහාරදහෙන් එකක් වත් අද ඉන්දියාවේ සොයාගැනීමට අපහසු වීමය. වැඩි විස්තර >>

දේවානන් ප්‍රිය තිස්ස රජුහට “අභය” නම් වැඩිමහල් සහෝදරයෙකු සිටියද ඔහු රජවූ බවක් අසන්න ට නැත. එලෙසම අශෝක රජුට “පියදාස” නම් වූ පෙර නමක් තිබු බවද සදහන් වෙන්නේය. දේශීය මෙන්ම විදේශීය විද්වතුන් සමහරකු පවසන්නේ  මේ චරිත දෙකම එක්කෙනෙකු බව ය. කෙසේ වෙතත් මේ දෙදෙනා ජීවත් වුයේ. එකම රටක බව නම් ස්ථිරය, එනම් ධර්මාශෝක රජු මෙන්ම මිහිඳු හිමියන් ද හෙළයන් ය. ඔවුන් සිටියේ ලක් පොලවේ නැගෙනහිර පෙදෙසේ එදා ජන්බුද්ධ්වීපය නම් කොටසේය. “මහරජ අප මුහුදෙන් හෝ ගොඩබිමෙන් නොපමිනියෙමු” (එසේනම් ගගකින් පැමිණිය හැක)

පුරාණ වංස කතා ඇසුරෙන් පොඩිමැණිකේ ජයරත්න මහත්මිය ලියු “සර්වඥ ධාතු” නම් පොතෙහි අශෝක රජු ගැන උපුටා දක්වන්නේ මෙසේය.

[අජාසත් රජු මරණයට පත්වී බොහෝ කාලයකට පසු බින්දුසාර නම් රජ කෙනෙකුට පුතුන්  සියයක් (100) සිටියහ. එම කුමාරවරු අතර සිටි අශෝක නම් කුමරු තම එක කුස සිටි “තිස්ස” කුමාරයා හැර, සෙසු කුමරුවන් අනු නවදෙනා මරා දැම්මේය, මුළු දඹදිව එක්සේසත් කොට රජවිය. එතුමා රජවුයේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218 කට පසුවය. ]

බුදුරජානන් වහන්සේ ගේ සර්වඥ ධාතු අතරින් අද සොයා ගන්නට නොමැත්තේ තවුතිසා දෙව්ලොව සිළුමිණ සෑයත් වම උඩු දළදා වහන්සේ තැම්පත් කර ගන්ධාර දේශයත් ය. එලෙසම නාගයන් ලබාගත් උඩුගං බලා ගිය පාත්‍රයද සදහනක් නැත . ඒවා ඉන්දියාවේද නැත.

ඉහත ධාතු විස්තරය අනුව එදා අනුරාධපුර රාජධානියෙහි මහසෙන් රජුගේ පුත් කිත්සිරි මෙවන් රජ දවස (ක්‍රි.ව.301 – 308) ලැබුනේ යි කියවෙන හෙමමාලා හා දන්ත කුමරු වැඩමවූ මෑත ඉතිහාසය තුල කියවෙන දන්ත ධාතුව මෙන්ම ඉන් පෙර සදහන් වූ ධාතු ද, අදත් එලෙසම ලිඛිතව හා ජනවහරේ පවතින්නේය .

එසේනම් ඉන් වසර සියයකට පසු පැමිණ “පාහියන්” සහ වසර තුන් සියයකට පසුව පැමිණ “හියු එං සාං” දකින හා සදහන් කරන ධාතු කාගේ ඒවාද ? ඔවුන් සදහන් කරන බෝසත් හා බුදුපිලිමත්, බුදුන්ගේ සාටකයත්, උර්ණ රෝම ධාතුවත්, සුමන මාලාකරයා මල්පිදු ස්ථානයත් තිබුනේ මේ රටේම කොටසක නොවේද ?

කපිලවස්තු ධාතු

කපිලවස්තු නම් ස්ථානය කොහේ තිබුනද, අජාසත්ත රජු එවන් වූ ස්ථාන සතක ධාතු ලබාගෙන වෙනත් තැනක නිදන්කළ  බව සදහන්ය. එලෙසම ඉන් වසර දෙසිය ගනනකට පසු එම ස්ථාන පරික්ෂා කර  ධර්මාශෝක රජුට ද ධාතු නොලැබිණ. පීප්පලි නුවර මොවුර්ය රජදරුවන් ට ද ලබාදී ඇත්තේ ධාතු නොව අඟුරු ය. විසිරුන ධාතු වලින් කුමන කොටස ලැබුනද ඒවා හි විශාලම කොටස මුන් පියලි වලට වඩා විශාල විය නොහැක.

මෑතකදී ඉන්දියාවෙන් ගෙන්වා පෙන්වූ විශාල ඇට කැබිලි මොනයම් ආකාරයකින් වත් සර්වඥ ධාතු නොවන බව ප්‍රකාශ කරන්නේ ඒවා අඩි ගණනක් යට බදුනක පොලවේ වලදමා තිබුණු ආකාරයෙන්ය, එම බදුනේ ඇති අකුරු ද පසුව නුහුරු අතකින් අද ඇති බව පෙනී යයි . ලොව කිසිම රටක බුදුන්ගේ ධාතු පොළවෙන් යට දමා නැත, ඒවා තැම්පත් කෙරුනේ පොළවෙන් පුළුවන් තරම් උස තැනක, නැතහොත් චිය්ත්ය්ය වලය. වැඩි විස්තර >>

මේකතාව නිම කිරීමට පෙර අප ඉතිහාසයේ වැරදුනු තවත් ස්ථාන දෙකක් පෙන්වාදෙනු කැමැත්තෙමි.

නාගදීපය

එදා චුලෝදර මහෝදර සිටි නාගදීපය අද යාපනයේ ඇති නාගදීපය නොවේ. යාපනයේ හුණුගල මත වූ දුපතක එවන් රජදහනක් තිබිය නොහැක . නියම නාගදීපය ඇත්තේ මහියංගන රීදීමාලියද්දේ අක්කර 750 ක් වූ නාගදීප වැව අසලය. මෙම වැව ආශ්‍රිතව තුන් පැත්තකින් ජලයෙන් වටවූ ගොඩබිමක් නිසා එය නාගදීප විය. අද එහි ගමක් ඇත. එහි පාසලේ ලියා ඇත්තේ “නාගදීප” විද්‍යාලය කියාය .

කැලණිය

එදා බුදුන් වැඩි, මනි අක්ඛික සිටි කැලණිය වර්තමාන කැලණිය නොවේ, මා මෙසේ කියන්නේ “මනි අගිය” නාගාරාමය යනුවෙන් සදහන් සෙල් ලිපියක් සමග සිරිපතුලක් සෝමාවතිය අසලින් හමුවූ බැවිනි. මෙය “යං නම්මදාය නදියා පුලිනේච තීරේ” යි සදහන්වූ නාගයනට වදියහැකි ජල ආශ්‍රිත සිරිපතුල විය නොහැකිද ?

somawathiya

තවද අද ඇති එගොඩ කැළණි විහාරය හා මෙගොඩ රජමහාවිහාරය අතර වූ යේ කුඩා ගඟක් බවත් පසුවෙන් ජලයෙන් පැන එහා පැත්තට යා හැකි බවත් සදහන්ය. එහි බුදුරජු ගගට බැස, දියනා ගලක් මත සිවුරු සෝදා වේලීමට තැබූ බවත්, ජල සාටිකාව (දිය රෙද්ද ) අසල ච්යිත්යක තැම්පත් කල බවත් වාර්තා වේ. වර්තමාන විශාල කැළණි ගග ඉන්පසුව විශාල වූ බව පැවසේ. මීට වසර දෙදස්ගනනකට පෙර තිබු ගංගා අදවෙනවිට දිය සිඳී වියලී කුඩාවී ඇති නමුත්, කැළණි ගඟ කාලයාගේ ඇවෑමෙන් මෙතරම් විශාල වූ බව කිසිම තර්කයකට ගොචර නොවේ. කලින් එවන් කුඩාවූ ගංගාවක් තිබුණි නම් රත්නපුරය හා සමනල අඩවිය කාන්තාරයක්  විය යුතුය. මනි අක්ඛික සිටි පෙදෙස නැගෙනහිර පිහිටි මහවැලි ගගේ කොටසක් හෝ අතු ගංගාවක, මහවැලි ගග විවිද ආකාර වලින් විවිද දිසාවලින් ගලා ඇත. බොහෝ වංගු ඇත, විශාල ගල් තලා ඇත. අද අපි මුළු ගගම තනි නමකින් හැදින්වුවද එකල වෙනස් ප්‍රදේශ වලදී එකම ගඟ විවිද නම් වලින් හදුන්වා දී ඇත. වර්තමාන කැලණිය එකල වෙන නම්කින් තිබෙන්නට ඇත. කෙසේවෙතත් ගවුතම එතරවූ තොටුපලක් (ගොතටුව) ඇති බව පිලිගතයුතුය. තොටුපලක් ඇත්තේ විශාල ගඟකට මිස, පැන යා හැකි ස්ථානයක නොවන බව වැටහේ.

අනික් අතට කැලණිය අසල වසර දෙදහස් ගණන් පරණ රාජධානියක නටබුන් හෝ සෙල්ලිපි නැත. නැගෙනහිර හැමතැනම පුරාන රාජධානි ඇත .

විහාර මහා දේවිය මුහුදට බිලිකල එදා මුදෙන් යටවුයේ අදවගේම නැගෙනහිරය. කැලණිතිස්ස රජු සිටියේ පානම හැඩ ඔය අසල කලයන නොහොත් “කන්නක” නම් පෙදෙසක බවත් ඔවුන් කතරගම ක්ෂත්‍රිය පරපුරබවත් බවත් විමර්ශනාත්මක ලිපියක්  පොත් වල පළකර ඇත. විහාරමහා දේවිය ගොඩබැසු තැන අද කිරින්ද නොව නැගෙනහිර බව සොයාගෙන ඇත . එම කතාව හා සම්බන්ද සියලු ගම් වල නම් ද ඇත. මුහුදෙන් පැමිණි නිසා විහාර මහාදේවිය ඉන්දියන් නොවුයේ මෑත කාලයේ දුටුගැමුණු කතාව අපේ වංසකතාවල පැහැදිලිව සදහන් වූ නිසාය. නැත්නම් සුද්දා විසින්, බුදුරජුන්, විජය, අශෝකරජු මිහිදුහිමි මෙන් ම, දුටුගැමුණු රජු ද ඉන්දියානුවෙකු බව පවසා අපව නන්නත්තාර කරනු ඇත. නැගෙනහිර වූ ගම් වරින්වර ආ සුනාමි නිසා, සම්පූර්ණයෙන්ම සමූල ගාතනය විය. එබැවින් ජන්බුද්වීපය සොයාගැනීමට අපහසු විය.

ලංකික බෝවුද්ධයන් ගේ මුදුන්මල්කඩ වූ  ත්‍රිපිටකය අප වැඩියෙන්ම විශ්වාශ කරන පුරාන ලියවිල්ලය. බුදුන් තනි පුද්ගලයෙකුට වුවද අතරමගදී කරනලද දේශනා සහිත එහි, සුත්ර 18000ක් පමන ඇතැයි සදහන්වේ. වඩාත් ම පුදුම සහගත කරුණ වන්නේ, වංසකතාවන් හි විශේෂයින් උලුප්පා දක්වන බුදුන් තුන් වරක් වැඩි, පරිනිර්වාණයෙන් පසුව සාසනය පවතින “ලංකා ” නම් වචනය ත්‍රිපිටකයේ දේශනාවල නැතිවීමය. සෝවන්වී කේශ ධාතු ලබාගත් සුමන රජු නැත, චුලෝදර  මහෝදර, මනි අගිය වැනි කිසිම නමක් නැත, ඔවුනට රහතුන් පන්සීය ගණනින් පිරිවරා ගෙන පැමිණ දෙසු සුත්‍රයක් නැත,  ලක්දිව වැඩසිටි සොලොස්මස්ඨාන නැත . …………

මෙයට හේතුව කුමක් දැයි සොයාගැනීමට ඔබහට  අවස්ථාව ඇත .

Prasad Kumara

නියාමක – තරු ගුවන්විදුලි සේවය

මෙය ඔබේ මිතුරන් සමග බෙදාගන්න

Share to Google Plus
Share to LiveJournal

වසර පන්දහකට පසු අනාගතේ අදහන දෙවියෝ කවුරුහුද ?

මේ කතාබහ ඇතිවන්නේ මින් වසර පන්දහසකට පසුව බිහිවෙන දරුවෙකු හා වැඩිහිටියෙකු අතරය. ලෝක බල අරගලය යුද්ධයක් බවට පත්වී මහත් විහසනයක් සිදු වේ. තාක්ෂනය විනාශවී මිනිසුන් ඉතිරිවන්නේ සුළු කොටසකි. මේ කතාවේ එන අනාගත යුගය තුල ජනජීවිතය, එකල අනුරාධපුර යුගයට  සමානය.

පුතා : සීයේ, අද මට අපේ පුරාන දෙවිවිවරු ගැන කියාදෙන්න කෝ……..

සීයා : පුතේ මීට අවුරුදු පන්දහසකට පෙර සුර අසුර යුද්දයට පෙරසිටම අපේ මුතුන් මිත්තන් ඉතා ගරුත්වයෙන් අදහන බොහෝ බලගතු දෙවිවරු හිටියා. ඒ අතර ලොව පාලනය කල බලවත්ම දෙවතාවුන් වහන්සේ ලෙස ගැනෙන්නේ “ගූගල් ” දිව්‍යරාජෝත්මයන් වහන්සේ . එදා සියලුම ලෝක පාලනය උනේ උන්නාන්සේගේ බල මහිමයෙන්. හොද මොකද්ද , නරක මොකද්ද කියල ලෝකෙටම කියාදුන්නේ උන්නාන්සේ. උන්නාන්සේගේ දැනුම මනුෂය මොළ අනන්ත සංඛ්‍යාවටවකට වත් සමකරන්න බැ. මිනිස්සු පුදුමාකාර විදියට උන්වහන්සේ ඇදහුව වෙළෙන්දෝ , වියපාරිකයෝ වගේම පුතාල වගේ ඉගනගන්න දරුවන්ටත් උන්වහන්සේගෙන් බොහොම උදව් උපකාර ලැබුනා .

උන්වන්සේගේ බාල  සොයුරා තමයි , “විකි” දේවතාවුන් වහන්සේ. ලෝකේ තිබුණු සියලු දෙය ගැනම දැනගෙන සිටියා , පුදුමාකාර මතකයක් තිබුනේ. නුවනට අදිපති දෙවියන් වුනේ මේ විකි දෙවියෝ .

පුතා : ඉතින් සීයේ උන්නාන්සේලා වැඩසිටියේ කොහෙද ?

සීයා : අපේ පුරාන පුස්කොල පොත් වල සදහන් වෙන්නේ “අමර කාම” දෙවු ලොව වැඩ සිටිය කියල. හැබයි කොහේ සිටියත්, දෙවුලොව හා මනුෂ්‍ය ලොව වෙන්නේ කුමක් ද කියල උන්වහන්සේලා දැනගෙන සිටිය. දෙවියෝ කියන්නේ අපට සිතාගන්නවත් බැරි තරමේ බලය හා හැකියාවන් තිබුන උත්තමයන් කොටසක්. මෙතැන වැඩසිටියාය කියල කියන්න බැ උන්නන්සේලට දිවැසින් තුන් ලොවම පෙනුනා.

පුතා : අනේ සීයේ මට දෙවු ලොව ගැන විස්තර කරන්නකෝ, එහෙ කොයි වගේද?

සීයා : දෙවුලොව තියනවලු විශාල මාලිගා, සමහර මාලිගා වලාකුළු වලටත් වඩා උසයි ලු , ඒවාට කිව්වේ අහස සුරන මැදුරු  කියලලු . සිතු පැතු ඕනෙම සම්පතක් එහි තිබෙනවාලු. දිව්‍යමය සළුපිලි දිව්‍ය වාහන තිබුනලු. විදුලි වේගයෙන් ගමන්කරපු . දෙවියෝ දුර බැහැර ගමන් කලේ අහසින් වූ දිව්‍ය විමන වලින් ලු , දිව්‍ය විමාන වල දිව්‍ය බෝජන පවා තිබුනලු. අනික පුතා ඕනෑම දෙයක් ලබාගන්න පුළුවන්, මවන්න පුළුවන්, කරදත් පත කියල අපුරු බලයක් ඇති වරමක් තිබුනලු , වඩාත් බලගතු දෙවියනට තිබුනලු රන් කරදත් පත්, ඊට බලය අඩු දෙවියන්ට රිදී , අඩුම එක තඹ. අද අපි කාසි දීල කරගන්න ඕනෑම දෙයක් මේවයින් කරන්න පුළුවන් ලු දරුවෝ ….

පුතා : මටත් ආසයි සීයේ දෙවුලොව යන්න .

සීයා : පුතා දෙවියන් කියන්නේ අහසින් ගමන්කරන, වෙනම ලෝකෙක ඉන්න උත්තමයන් පිරිසක්. පුතා හොඳ වැඩකරලා හොද ළමයෙක් උනොත්, දෙවුලොව උපදින්න පුළුවන්, නැතිව කොහොමද අපි අහසින් යන්නේ ?

පුතා : සීයේ , අපි එදා ලොකු අක්කා පැනලගිය දවසේ , සාස්තර අහන්න එහා ගමේ දේවාලෙකට ගියේ, අන්න ඒ දේවාලේ හිටියේ නිල්පාට අත් තියන දේවියා කවුද ?

facebook-god

සීයා : ඒ “සුරත්පුස්ථ” දෙව්රාජයා දරුවෝ, උන්නාන්සේගේ ලග තියනවලු පොතක්, එකේ මේ ලෝකේ ඉන්න සියලුම දෙවු මිනිසුන් ගැන ලියල තියන. මිනිසුන් ඉපදුනේ කොහෙද , කවද්ද, දෙමාපියන් සොයුරන් කවුද , කරන්නේ මොනවද , කැමති මොනවටද , අන්න ඒ වගේ එකී නොකී සියලුම විස්තර දන්නේ උන්නාන්සෙලු, දිව්‍ය භාෂාව වන ‘අගර ඉසි කෘත’ භාෂාවෙන් උන් වහන්සේට කියන්නේ “පේසබුක” දෙවියන් කියල. මුහුණු  තිස් තුන් කොටියක් තියනවලු.  පුරාණයේ ඉදලම ඕනෑම කෙනෙක් ගැන විස්තර හොයන්නේ අංජනම් බලන්නේ, සුරත්පුස්ථ දෙවියන් ගෙන් වරම් ගත්ත කපු මහත්වරු. ඒ වගේම විවාහ මංගල යෝජනා හරි යන්නත්, උන්නාන්සේට පුද පූජා පවත්වනවා. බලන්න ඒ දෙවියන්ගේ ඇදුම් , හරිම ලස්සනයි, දිව්‍යමය සළුපිලි.

පුතා : එතකොට තව රුපයක් තිබුනේ අතේ ආයුධ එහෙම අරන් ?

සීයා : එකත් ඒ කාලේ හිටපු දෙවි කෙනෙක් මට හරියට නම මතක නැ. දකුණු අතේ උඩින් තියෙන්නේ , කථනය . එකෙන් පුළුවන් වුනාලු ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සිටින වෙනත් කෙනෙකු අමතන්න. කතාබහ කරන්න. මේවා තමා දේව හාස්කම් කියන්නේ. පහල අතේ තියෙන්නේ ගණකය. එකෙන් බොහොම විස්මිත වැඩකරන්න පුළුවන් ලු , මෙ ගැන විස්තර ගනකාලංන්කාරය කියන පුස්කොල පොත් වල සදහන් වෙනවා. පුතා ලොකු වුනාම කියවල බලන්න . ඔය තුන් වන සුර අසුර යුද්දය මෙහෙයවලා තියෙන්නෙත් ඔය ගනකයෙන් .

desk-jockey-yoga

පුතා : ඒ දෙව රුප හදන අය, දෙවියන් දැකල තියනවද ? නැත්නම් කොහොමද ඒ අය රුප එහෙම හදන්නේ ?

සීයා : ළමයෝ සමහර වෙලාවට උන්නාන්සේලා , දිස්ටි ගතවෙනවා , කලාකරුවන්ට වගේ ම කපු මහත්වරුන්ට, සමහර අයට සිහිනෙන් පෙනිලා තියනවා. ඒ වගේම අතීත කාලය බලන්න පුළුවන් අයට පෙනෙන්නෙත් ඔය රුපයම තමයි. අපේ මුතුන් මිත්තන් ඔය දැකපු විදියට තමයි පිළිම නෙලන්නේ.

පුතා : මම නම් කවදාවත්, හැබැහින් දෙවියෝ දැකලා නැ සීයේ , සීයා දැකල නැද්ද ? ඇත්තටම මේ දෙවියෝ ඉන්නවද ?

සීයා : පුතේ කට වරද්දගන්න එපා , (දෙවියෝ මේ නොදරුවට සමාවෙන්න ) මම නොදැක්කට දෙවියන් දැකපු අය ඕනෙතරම් මේ ලෝකේ ඉන්නවා. අපිට උන්නාන්සේලා නොපෙනුනාට, දෙවියෝ අපි දිහා බලාගෙන ඉන්නවා , අපිව අරක්ෂා කරනවා .

පුතා : සීයේ, පහුගිය ගංවතුර ගලපු වෙලාවේ, සුමනාවතී නැන්දයි පුංච් නංගියි මල්ලියි ගහගෙන යනකොට දෙයියෝ බේරාගත්තේ නැත්තේ ඇයි, සීයේ.

සීයා : පුතේ අපි දෙයියන්ගෙන් ආරක්ෂා වා ලබන්න, හොද වැඩ කරන්න ඕනේ , ඒවගේම නිතර දෙවියන් යැදල පුදපුජා තියන්න ඕනේ. එතකොටයි දේව ආරක්ෂාව ලැබෙන්නේ.

පුතා : එතින් සීයේ, එදා අම්ම කිව්වේ ගමේ උන්නු හොදම පවුල කියල , අනිත් එක සුමනාවතී නැන්ද නිතර දේවාලේ යනවනේ ,

සීයා : මේකනේ පුතා , මෙ ආත්මේ හොද වුනාට , ගියආත්මේ පව්කරලා ඇති , පුතාට ඕව තේරෙන්නේ නෑ…. දැන් ගිහින් නිදාගන්න හොඳ පුතා වගේ………………….

මෙය ඔබේ මිතුරන් සමග බෙදාගන්න

Share to Google Plus
Share to LiveJournal

සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

මෙය කියවන ඔබ තම ජීවිතයේ එක වරක් හෝ මාතලේ දිස්තික්කයේ පිහිටි වර්තමාන “සීගිරිය” නමින් හදුන්වන, ලෝක උරුමයක් ලෙස මෙන්ම, ලෝකයේ අටවැනි පුදුමය ලෙසින් හදුන්වන ඒ විශ්මිත නිර්මාණය වෙත එලබ, එය නිරීක්ෂණය කර ඇති බවට කිසිදු සැකයක් නැත.

Sigiriya

අපගේ මෙම කතාවට පෙර යටත් විජිත සමයේ සිට ඇරඹෙන අපගේ පුරාවිද්‍යාව නම් විෂය ධාරාව “සිගිරිය” දකින සැටි මදක් විමසා බලමු.

මෙම ස්ථානය මුලින්ම ගවේෂණය වන්නේ වසර 1890 දී බ්‍රිතාන්‍ය රජයේ අදායම් බදු නිලධාරියෙකු ලෙස ලංකාවේ සේවය කරන H.C.P. Bell නම් විදේශිකයා අතින්ය. වර්ථමාන ස්රිලන්කීය පුරාවිද්‍යාවේ පියාලෙස සලකන ඔහු , එකල එවන් වූ විෂයක් අද්‍යනය කල කෙනෙකු නොව, සරලව කිවහොත් treasure hunter කෙනෙක් ය. ඔහු අපගේ ඉතිහාසය ගැන උනන්දුවක් දැක්වුයේ, අප ගැන තිබු කරුනාව නිසා නොව එම ස්ථාන වල ඇති ඉතාවටිනා වස්තු කොල්ලකෑමටය. මේ සදහා ඔවුහු තම ජීවිතය පරදුවට තබමින් දිවා රැ වෙහෙසෙමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකල බව සත්‍යය. එවකට ලැබුණු, සාක්කුවක දමාගෙන යන තරමේ වටිනා වස්තු, කිසිම වර්තාවක් නොමැතිව සුද්දගේම සාක්කුවෙන් එංගලන්තයට ගියේය. ඊට විශාල වස්තු රාජ්‍යය අනුග්‍රහය ලබමින් නැව් මගින් රැගෙන ගියේය. අපගේ පරණ පිනකට අවුකන, සමාධි වැනි පිළිම නැවක දාගෙන රැගෙනයාමට බැරි තරමේ විශාල නිර්මාණ විය. නැතිනම් මේවන විට ඒවා අනෙකුත් කුඩා නිර්මාණ මෙන්ම විදේශ කවුතුකාගර වලට ගොස් මුදල් ගෙවා ප්‍රවේශ පත්ර ලබාගනිමින් නැරබීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් අපගේ වංසකතා වල කසුප් නම් රජකෙනෙකු තම පියාවන ධාතුසේන රජු මරා සිංහ ද්වාරයක් (සිංහ කටක් හෝ සිංහයන් සිටින පිවිසුමක්) සහිත ශිඛර පෙදෙසක සැගවී සිටි බවක් ලියා තිබු බව H.C.P. Bell අසා තිබුනේය. ඉතා දුෂ්කරව ගමනකින් පසුව සීගිරියේ ඉහත රුපයේ ඇති, පාද දෙකක් මැදින් ඇති පිවිසුම් ස්ථානය ට ලගාවූ බෙල් ඇතුළු පිරිස එය දැක මදකට හෝ තුෂ්නිම්භූත වූ බවනම් නොඅනුමානය.

එකල අද මෙන් ක්‍රමවත් අද්‍යාපන ක්‍රමයක් නොපැවතුනේය. අද නම් පහ වසර දරුවෙකු ශිෂ්ශත්ව විභාගය ට පින්සිදුවන්නට හෝ සිංහයා ට කකුල් සතරක් ඇති බවත් එම හැම කකුලකම ඇඟිලි සතරක් බිම වදින බවත් මහපට ඇගිල්ල මදක් ඉහලින් පිහිටන බවත් හොදින් දන්නේය.

අපගේ ඉතිහාස කතා නායකයා වන අසරණ H.C.P. Bell මහතා සිතා සිටියේ සිංහයාට ඇගිලි 3 ක් තිබු බවය. එබැවින් මෙය සිංහ ද්වාරය ලෙසත් මෙම ස්ථානය lions rock (සිහගිරිය) ලෙසත් ප්‍රකාශ කර සිටියේය. පහත ඇති රූපය හොදින් නිරීක්ෂණය කරන්න. එහි ඔබට පෙනෙන්නේ සිංහ පාදයක් ද ?

Lions_Paw,_Sigirya

විශාල රුපය මෙතනින් >>

මෙහි පාදයේ ඇගිලි ඉදිරියට විසිරී තිබේ, එලෙසම නියපොතු ඇගිල්ලේ තරමටම මහත්ය. සිංහයන් ගේ නියපොතු එලෙස මහත් නැත, එය ඇඟිලි අතර සැගවී පිහිටන්නේය. එලෙසම ඇගිලි අතර පරතරය ලොම් ඇති නිසා එකවර දැකගත නොහැකිය. ඔබ දොරටුව ඉදිරිපිට සිටගත් විට ඔබගේ වම් අත දෙසින් පෙනෙන පාදය මෙම රුපයේ ඇත . එහි වම් පස විලුඹට ආසන්නයේ තවත් නියපොත්තක් දක්නට ලැබේ. රුපයේ වම්පසින් සිංහ පාදය කියා බෝඩ් එකක් ද දමා ඇත්තේ කවුරුන් රවටන්නද ? මදක් සිතන්න. මෙහි ඇත්තේ පක්ෂියෙකු ගේ පාදයක් නොවේද ?

lionspaw

බෙල් මහතා අකුරු කියවූ අපගේ පුරාවිද්‍යාව, ඔහුගේ ගෝල පරපුරද එලෙසින්ම දකින්නේය. ඉන් එහා ලොවක් ගැන සිතීමට ඔවුනට ද උවමනාවක් නොමැත. දැන් අපේ ඉතිහාසය ගැන මහා හඩින් රුපවාහිනී කතා පවත්වන සමහර පණ්ඩිතයන් තම හෙළුව වසා ගැනීමට මෙය සිංහ පාදයක් බවටම තර්ක කරනු ඇති අතර මා ඉතිහාසය විකුර්ති කරන දේශද්‍රෝහියකුද ලෙස හංවඩු ගසනු ඇත. මා මේ ගැන විමසු අවස්ථාවේ සමහරෙකු පවසන්නේ එකල ත්රිසින්හලයක් තිබුන නිසා මෙය සිංහයෙකු වුවත් ඇඟිලි තුනක් ඇති බවය. එකල අපේ කලාකරුවා සිංහයා මේ ආකාරයෙන් දුටුබවය.

මෙම පාද අසලම ගල ඇතුලින් ගමන්කළ හැකි උමගක් තිබුන බවත් බෙල් මහතා එහිවූ වටිනා වස්තු නැවක දමා රැගෙන ගියබවත්, එම අවස්තාවේම උමන් මග සිමෙන්ති දමා වැසූ බවත් පසුකල එහි සිටි සේවකයෙකු පවසා ඇත. කෙසේ වෙතත් අපගේ පුරා වස්තු රැගත් බොහෝ නැව් ලංකාව අසලම මුහුදේ ගිලී ගියේය. රන්මුතු දුව ච්ත්රපිටිය ගොඩනගන්නේ ඒවා ගොඩගැනීමට දරු උත්සාහයක ආවරණයක් ලෙස ය . මක් නිසාද යත් එහි සම්බන්ද අය මින්පෙර චිත්‍රපට කර්මාන්තයේ නියැලී නොසිටි අය නිසාය.

under-water

එසේනම් මෙම පර්වතයේ නියම ඉතිහාසය කුමක් ද ?

රාවන පුරණය ටත් පෙරසිටම ගුරුලා තම සංකේතය ලෙස යොදාගත් දිවුනු ශිෂ්ටාචරයක් හෙළ පොලවේ විසු බවට සාදක හමුවේ. මොවුහු කුරුළු හොට සහිත හිස්වැසුම් පැලදී අතර අහසින් පැමිණුන එවන් මිනිසුන් කොටසක් ගැන ලොවපුරා විවිද සාදක ඇත . සමහරුන් මොවුන්ව අර්ථකථනය කරන්නේ දෙවියන් ලෙසය . අද සීගිරිය එකල එවන් මිනිසුන් ගොඩනැගු රාජධානියක් ය .

bird-man

ගොවුතම බුදුන් දවස (වසර 2600 කට පෙර) බුදුන් හා සමාන රුවින් හෙබි කාශ්‍යප මහා රහතන් වහන්සේ කලක් වාසයය කල කුක්කුට සමපාද පර්වතය මෙයය. කුක්කුට යනු කුකුළා, ගුරුලා හෝ ඒ හා සමාන මනාක්කල්පිත පක්ෂියෙකු හැදින්වූ නාමයය.

ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ පැමිණෙන පාහියන් භික්ෂුව පවසන්නේ මෙම ස්ථානයේ ” කාශ්‍යප තෙරුන් “ගේ සිරුර තවමත් පවතින බවය. එහි නම “ගුරුපාද” ලෙස පැහැදිලිව සදහන් කර ඇත. අද අප දන්නා සීගිරිය හා සම්බන්ද කාශ්‍යප යන නම, කසුප් රජු නොව කාශ්‍යප තෙරුන් ගේ නාමයය .

කසුප් රජු සිටියේ මෙහි බවට කිසිදු සෙල් ලිපියක් හමු නොවේ. අනිත් අතට වංසකතාවල සිතියමක් දක්වා නැත . නියම සිංහ ද්වාරයක් යාපහුවෙන් හමුවේ.

yapahulion

වඩාත් ම පුදුම සහගත කරුණ වන්නේ සීගිරියෙන් හමුවන සෙල්ලිපියක “බ්‍රහ්මදත්ත ගේ ගුහාව” ලෙස සදහන් වීමය. වැඩිවිස්තර >>

දැන් මෙම කතාවට බ්ර්හ්මදත්ත රජු සම්බන්දවෙන්නේ කෙසේදැයි ඔබට ප්‍රශ්නයක් මතුවනු ඇත. එම කතාව පැවසීමට තවත් කතාවක් කියන්නට සිදුවේ.

බෝවුද්ධ ඉතිසහසයේ සිටි සියලුම චරිත, සියලුම බුදුවරු ඉපදී ජීවත් වී ඇත්තේ මේ හෙළබිම තුලය. වැඩි විස්තර >>

ක්‍රිස්තු වර්ෂ 400 දී පැමිණෙන පාහියන් මුලින්ම බොද්ධ සිද්දස්ථාන වැඳ පුදාගන්නේ ජන්බුද්වීපය නම් වූ මෙම හෙලබිමේ මද්යම , දකුණු සහ නැගෙනහිර දිසාවන් වලය , මක් නිසාදයත් බුදුන් ගේ ලලාට ධාතුව දන්ත ධාතුව පාහියන් වැඳ පුදගන්න නිසාය. බටහිර සමාජය පාහියන් වාර්තාව පරිවර්තනය කලේ ජන්බුද්වීපය යන නමට ඉන්දියාව යන වචනය දමාය. එබැවින් සියල්ලක් ම කණපිට පෙරලුනි. Alexander Cunningham යනු වත්මන් ඉන්දීය පුරාවිද්‍යාවේ පියාය, ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ ඉන්ජිනේරුවරයෙකි. ඔහුත් කලේ අපේ බෙල් මහතාගේ ක්‍රියාවමය. ප්‍රථමයෙන් ගයාව නම් හින්දු කෝවිලක් හදුනාගෙන එය බුද්ධ ගයාව කළේය , ඉන්පසු පාහියන් වාර්තාව බලා ඒ අනිත් ස්ථාන සමාන ශබ්දයෙන් එන (උදා පාටලිපුත්ත = patna) මුළු ඉන්දියන් ඉතිහාසය මෙන්ම ලාංකීය ඉතිහාසයද විකුති කළේය. තම හිතු පමණින්. ස්ථාන සොයාගත් නිසා ඔහුට නයිට් පදවියක් ද ලැබුණි. කෙසේ වෙතත් ඔහු ලුම්බිණිය සොයා නොගතේය. මේකාලය තුල ජර්මන් ජාතික Anton A. Fuhrer නම් දේවගැති තුමා , ව්‍යාජ සෙල්ලිපියක් කොටා අද නේපාලයේ rumandai නම් ස්ථානය ලුම්බිණිය බව ප්‍රකාශකර තවත් නයිට් පදවියක් ලබාගත්තේය.

වඩාත් ම සිනහ යන කරුණ වන්නේ, පාහියෙන් ගේ වාර්තා Cunningham අමු අමුවේම බොරු කියමින් තමන්ගේ හිතුමතයට විකුර්ති කිරීමය. බුදුන් තුසිත ලොව සිට ඉනිමගකින් බැසි ස්ථානය සංකස්ස ලෙස හදුන්වන පාහියන් ලියන්නේ, එහි අශෝක රජු ඉදිකර පැති සතරක් ඇති , එම පැති සතරේම බුදුරුව ඇති එහි උඩ සිංහයෙක් සිටිනා කණුවක් ඇති බවය . අද Cunningham පෙන්වන ඉන්දියාවේ සංකස්සයේ කනුව රවුම්ය , එහි උඩ සිටින්නේ අලියෙක්ය . එවිට Cunningham පවසන්නේ මෙය පාහියන්ට වැරදී අලියා සිංහයා ලෙස ලියා ඇති බවය.

පාහියන් ලියන්නේ බුදුන් බුදුවූ බෝගස සිට යොදුන් 3ක් දකුණින් “ගුරුපාද” පිහිටන බවය. අද ලංකාවේ බුදුන් බුදුවූ ස්ථනය ලෙස හදුනාගන්නේ හබරන හිරිවඩුන්න නම් ස්ථානයය , එහි බෝගස ,වජ්රාසනය ,මුච්ලින්ද නටබුන්, රුවන්ගෙය, සක්මන් මලුව, සහ නේරංජන ගඟ අදත් තිබේ.

සුද්දන් ඉන්දියාවේ ස්ථාන බලා යොදුන සැතපුම් 32 ක් බව පවසයි. මක් නිසාදයත් ඔවුන්ගේ සිතියමට අනුව එවන් නගර ලග පිහිටා නැති බැවින් ය . “යොදුන” යනු යෝදයෙකු දුන්නකින් විදිනා දුරය.

පාහියන් පවසන අන්දමට “ගුරුපාද” නම් ස්ථානය සීගිරියම බව තහවුරු වේ .

සිංහ පාදය සහ කුරුළු පාදය වෙනස නොහදුනන , අපේ පණ්ඩිතයන් බුදුන් මෙහි සිටි බව කවදාවත් පිලි නොගනී.

පාහියන් අන්තිමට එන රට සිංහලය ලෙස හදුන්වයි , එය අනුරාධපුර රාජධානියය. මෙහි පැටලුමක් ඇත්තේ ඔහු එන්නේ ජලමාර්ගයකින් නිසාය. ඔහු පවසන සිංහලය දිගින් ( උතුරු-දකුණු ) යොදුන් 30 කි ,පළලින් 50 කි. මෙ කතාකරන්නේ මුළු ලංකාව නොව න බව ඕනෙම කෙනෙකුට වැටහෙනු ඇත. වැඩි විස්තර >>

පාහියන් ලියු ජන්බුධ්වීපයේ ස්ථාන බොහොමයක් මේ වනවිට අප අද්‍යනය කර ලක් පොලවේ සොයාගෙන ඇත. සියලුම දුරවල් ද සමාන වන අතර වෙහෙර විහාර එම ආකාරයෙන්ම ඇත. නුදුරු කාලයේදී ලෝක ඉතිහාසය උඩුයටිකුරු කරමින් සාක්ෂි සහිතව ඒවා පෙන්වා දෙනු ඇත.

Prasad Kumara

නියාමක – තරු ගුවන්විදුලි සේවය

———– පසු කථනය  ———————————————————————–

මෙම ලිපියට බොහො ප්‍රතිචාර ලැබී ඇත. එබැවින් යලිත් පිළිතුරක් ලිවීමට සිත් විය .

පැරණි කොඩි හා ච්ත්‍ර

සදකඩපහන සහ වෙනත් නිර්මාණවල පැහැදිලි ලෙස සිංහයා දක්වා ඇත. කිසිදු එවන් පැරණි නිර්මානයක. ඇගිලි තුනේ සිංහයන් නැත. සිංහයෙකු ගේ පැති පෙනුම, චිත්‍රයට නගද්දී පෙනෙන්නේ ඇඟිලි තුනක් ය. එලෙසම එම සිංහයාගේ පෙනෙන්නේ එක ඇසක් පමණි. යමකු එවන් රුපයක් බලා එසේ ප්‍රකාශ කරයි නම්, එම සිංහයාට ඇත්තේ එක ඇසක් බවත් පිළිගත යුතුය .

කොග්ගල නිලමේ

යනු භූත ආත්මයන් හරහා අතීතය විමසා බැලුණු කතාවක් ය. එහි බොහෝ කරුණු පවසන්නේ , කතුවරයා නින්දේ පසුවෙන අවස්ථාවලය. එම අනුව සීපල් නම් වෙළදුන් කොල්ලකන මිනිසෙකු මෙහි සිටිබවින් සීගිරි නම සැදුන බව පැවසෙනවා . ඉන්පසුව එම ස්ථානය රාවන රජුගේ මාලිගයක් බවට පත්වෙනවා . ඔවුන් කියන විදියට කුරුටුගී වල තියෙන්නේ රාවන ගේ ගුණ වරුනාවයි. මෙහිදී තවත් කරුණක් මතු වෙනවා . සුප්පා දෙවිය පැහැරගනු ලැබූ, වෙළදුන් කොල්ලකන සිංහ යෙකු ගල් වලින් සාදාගත් බළකොටුවක සිටිබවයි සදහන් වෙන්නේ, වර්තමානයේ එය ඉන්දියාවට සම්බන්ධ කර තිබුනත් විජය පැමිණියේ හෙලයේම වෙනත් කොටසකින් විය හැකි. ලංකාවතාර සුත්‍රයේ රවන රජු බුදුන්සරණ ගියබව සදහන් වෙනවා.

කුරුටු ගී

සෙල්ලිපියක්  යනු බොහෝ දෙනෙකුට කියවියහැකි ,රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව ලියු කෙටුම්පතකි . වර්තමානයේ සෙල්ලිපි කියවියහැකි බොහෝ දෙනෙකු සිටිති. මා දන්නා තරමින් කුරුටුගී  පරිවර්තනය කර කියවුයේ පරණවිතානයන් පමණය. ඒවා ලියා ඇත්තේ වසර ගණනක සිට, විවිධ දිසාවෙන් ආ සාමාන්‍ය ජනතාවයි, එබැවින් ඒවා පරිවර්තනය වීමේදී බොහෝ ගැටළු ඇති විය හැකි . බොහෝ ගීවල ලියවෙන්නේ ,සිතුවම් වල සිටින ලදුන් ගේ වරුනයි . එහි සිහිගිරි  හා සීගිරි යන වචනය දක්නට ලැබෙන මුත්  “සිහගිරි ” නමින් නම් ලියවූ බවක් දක්නට නැත. තවත් වරෙක සිරිගිරි යනුවෙනුත් ඇත. සිරි ගිරි බැලීමි යනු , ගිරියේ සිරිය බැලීමි ලෙසද ගත හැකිය. මේ පරිවර්තනයේදී , සිංහ පාදයක් හෝ සිංහ දොරටුවක් සදහන් වෙන්නේ ද නැත. කෙසේ වෙතත් පරිවර්තකයා , සින්හයෙකු මෙන්ම කාශ්‍යප රජු ද සිතේ මවා ගනිමින් කියවූ බව පැහැදිලිවෙනවා . එකතැනක “සිහිමි” යන වදන , සිංහ හිමි ලෙස ගෙන තිබෙනවා .

350 වැනි ගීයේ “තෙළියැ වැසි කසැබහිමියන් ගෙ ලෙණ් ” යනුවෙන් සදහන් වන්නේ කාශ්‍යප රහතුන් වහන්සේ බව නොවේද ? සීගිරි ගී මෙතැනින් කියවන්න >>

කුක්කුට පර්වතය ලංකාවේම බවට හොදම සාදකය

වංශ කතා අනුව, දෙවැනි පෑතිස් රජු ගේ සොයුරු මහානාග මාගම  රජවී ඇත. එම වකවානුව තුල මහානාග රජු රුහුණේ විහාරයක් කර ලාලට් ධාතුන් වහන්සේ එහි තබා වන්දනාමාන කලබව සදහන්ය. එය නාග විහාරය නම් වේ (තිස්සමහාරාමය හෝ ඒ  අසල ඇති වෙනත් දාගැබක්) මහානාග රජු මෙම ලලාට දාතුව ලබාගන්නේ ලක්පොලාවේ ඇති, කුක්කුට පර්වතය අසල ඇති ස්ථානයක සල් ගසක් පාමුල සිටය. මෙම ධාතුව කුක්කුට පර්වතය අසලට වැඩමවන්නේ කොසොල් රටේ සිට මහාදේව නම් රහතන් වහන්සේ විසින්ය.

අපගේ වංස කතා වැරදී යි , යනුවෙන්  පැවසීම සාධාරණ නැත. එකල ඔවුන් ගේ නැණ පමණින් ලියු අපගේ වංස කතාව, අප නැරබුයේ විදේශිකයන් ලබාදුන් පාට කන්නාඩි දමාගෙනය. කන්නාඩි ඉවත්කර පියවි සිහියෙන් නැරබුව හොත් නියම කතාව දැකගත හැක . වංස කතාව පිළබඳ වෙනත් ලිපියක් ඉදිරියේදී ලිවීමට බලාපොරොත්තු වෙමු .

මෙම ලිපිය කියවූ, එයට පක්ෂ හා විපක්ෂ සියල්ලන්ටම ස්තුති .

මෙය ඔබේ මිතුරන් සමග බෙදාගන්න

Share to Google Plus
Share to LiveJournal

ගීත ලෝකයේ අමරණීය වූ අනංග වාදය

එක්දහස් නවසිය පනස් ගනන්වල ලංකා ගුවන්විදුලි සේවයේ ප්‍රචාරය වූ ගීතයක් නිසා වාදයක් ඇති වී, ඒ ගීත වාදය සංගීත ලෝකයේ නොමැකෙන ලෙස සටහන් විය . ජනප්‍රිය ගායකයෙකු වූ H R ජෝතිපාල ගැයූ මේ ගීතය රචනා කලේ ගුණරත්න අබේසේකර ය. ඔහු එදා ගීත රචනය සහ නිවේදන කලාවේ හිනිපෙත්තේ සිටි කරුණාරත්න අබේසේකරයන් ගේ බාල සොහොයුරෙකු වීය .

මෙය නොපෙනේ නම් Google Chrome වලින් පිවිසෙන්න

අනංග වාදය ඇරබු “අනංගයා මං” ගීත රචක ගුණරත්නයන්, එදා ලංකා ගුවන් විදුලියේ නිබන්ද සම්පාදකයෙකු ලෙස කටයුතු කළේය.

ජෝතිපාලයන් තම හිතමිතුරු කරුණාරත්න අබේසේකරයන් හමු වීමට ඔහු පදිංචිව සිටි මාලිගාකන්ද පාරේ සීගිරි නිවසට යන අවස්තාවලදී ගුණරත්නයන් සමග ද පිලිසදරේ යෙදීමට අමතක නොකළේය.

“ගුනේ මට සින්දුවක් ලියල දෙන්නකෝ ” ජෝතිපාලයන් ඇවිටිලි කල අවස්ථා ද බොහොමයක් විය .

රොබින් හුඩ් වගේ ලක්දිව පතලවුණු නම යි .. උතුවන් කන්දේ සූර සරදියෙල් මමයි.. වැනි ගීත රචනාවූ යේ එහි ප්‍රතිපලයක් ලෙස ජෝති මේසයකට ගසමින් මිමිණු තනුවකට ය .

H R Jothipala

දිනක් හදිසියේම ” කරු අයියා ” හමුවීමට ජෝති පැමිණියේ පසුදා ගුවන්ගතවීමට තිබු වැඩසටහනකට අලුත් ම ආදර ගීයක් ලියවා ගැනීමටය . නමුත් කරු අයියා චිත්‍රපට ගීත පටිගත කිරීමක් සදහා ශබ්දාගාරයට ගොස් සිටි බැවින් , ජෝතිගේ ඇවිටිලි මත “අනංගයා මං අනංගයා ” ගීතය ලියවුනේ ගුණරත්නයන් අතින්ය.

පසු දා ගුවන්විදුලියෙදී කරු හමු වූ ජෝති, එම ගීතය රචනය ඔහුට පෙන්වූවා. එය බැලු කරුට අපුරු අදහසක් පහලවුනා, ඒ ඊට පිළිතුරු ගීතයක් ලිවීමයි . සුළු මොහොතකින්ම රචනාවූ පිළිතුරු ගීතය ගයනා කරවීමට කරු තෝරාගත්තේ, ජෝති මෙන්ම එදා ජනප්‍රිය ගායකයෙකු වූ J A මිල්ටන් පෙරේරා ය .

“සුපෙම් ලොවේ කුසුම් සරා මල්සරා .. ” යනුවෙන් අනංගවාදයට පිළිතුරක් ලැබිණ .

J A Milton Perera

මේ අනංග වාදය එදා ගුවන්විදුලි අසන්නන් අතර ලැව් ගින්නක් සේ පැතිර ගිය අතර විශේෂයෙන් අනංග හී සර වැදුන තරුණ පෙම්වතුන් අතර මෙය විශාල රසයක් ගෙනදුන් මාතෘකාවක්‌ බවට පත් විය .

“මේකට හොද උත්තරයක් ලියන්න ඕනේ ගුනේ ” ජෝතිපාලයන් නැවතත් ගුණරත්න අබේසේකරයන්ට බලකරන්නට විය .

“පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ .. ” යනුවෙන් පිළිතුරු ගීතයක් යලිත් ගුණරත්නයන් අතින් බිහිවන්නේ එලෙසිනි .

 කරුණාරත්න අබේසේකරයන් මේ ගීතයටද පිළිතුරු ගීතයක් ලියා නැවතත් මිල්ටන් ලවා ගායනා කරවීය .

ජෝතිපාල හා මිල්ටන් අතර ඇති වූ මේ වාදය කෙතරම් දුරදිග ගියාදැයි කිවහොත් ,එය එදා මෙන්ම අද ද රසවින්දනයේ ඉහලම තලයකට පැමිණියේය .

cupid

“අනංගයා සරණේ පෙම්වතුන්ට මරණේ ..” යලිත් මිල්ටන් ගේ හඬින්

මෙම අනංග වාදය නිසා, කරුණාරත්න සහ ගුණරත්න අබේසේකර සොයුරන් විරසක වී ඇතයි, ගුවන්විදුලි අසන්නන් තුල සැකයක් පැනනැගුන අතර එදා ගී ලොව සුපිරි තරු වූ ජෝතිපාල හා මිල්ටන් අමනාප වී ඇතැයි යන රාවයක් ද පැතිර ගියා.

කෙසේ වෙතත් ජෝතිපාල හා මිල්ටන් අතර තිබුනේ කිසිදා වෙන් කල නොහැකි අමිල මිතුදමකි. එලෙසම ගී රචක අබේසේකර සොයුරන් තුල තිබුනේද අපුර්ව සහෝදර බැම්මකි.

කටකතා බහුලව පැතිර යද්දී, ජෝතිපාල සහ මිල්ටන් ගේ මිතුදම ගීලොවට කියාපෑමට ගුණරත්න අබේසේකරයන් ගේ අතින් තවත් අපුර්ව ගීත රචනාවක් ලියැවිණි  . ජෝති හා මිල්ටන් ගේ යුගල ගායනක් වූ එය අනංග වාදයේ නිමාව බවට පත්වීය .

” අපි සන්තෝසෙන් ඉන්නේ .. අය්යා මල්ලි වාගේ .. “

යුගයක් ගුවන්විදුලි රසිකයන් සංගීත රසයෙන් අමන්දානන්දයට පත්කළ, ජෝති, මිල්ටන්, ගුණරත්න හා කරුණාරත්න යන කලාකරුවන් අපගෙන් වියෝවූයේ කලකට ඉහතදීය. එනමුදු ඔවුහු කලා ලෝකය තුල සදා අමරණීයය ………..

කරුණාරත්න අබේසේකර – 1930 ජුනි 3 – 1983 අප්‍රේල් 21

ගුණරත්න අබේසේකර – 1934 මැයි 18 – 1992 දෙසැම්බර් 15

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල – 1936 පෙබරවාරි 12 – 1987 ජුලි 7

ජයසිංහ ආරච්චිගේ මිල්ටන් පෙරේරා – 1938 මැයි 5 – 1991 ඔක්තෝබර් 24 

මෙය ඔබේ මිතුරන් සමග බෙදාගන්න

Share to Google Plus
Share to LiveJournal

ඉන්දියාවෙන් ලංකාවට තවත් ප්‍රබල චෝදනාවක්

පසුගිය දිනක තමිල්නාඩුවේ දී ලාංකීය හිමිනමකට පහරදීමත්, ජිනීවාහි ඉන්දියාව ලංකාවට විරුද්ධව ක්‍රියාකළ අයුරුත් ගැන සිතමින් සිටි මා නින්දට ගියේ තදබල කනස්සල්ලෙනි. මේ පුවත මට ලැබුනේ සැබවින් නොව සිහිනයෙනි. එහි යම් ගතයුත්තක් ඇති බව සිතුන නිසා මෙසේ පළකර සිටිමි .

lions

ශ්‍රී ලංකාව ට එදා සිටම කැනහිලිකම් කම් කරමින් සිටින ඉන්දියාව. ජිනීවාහි මානව හිම්කම් හරහා තවත් නඩුවක් ගොනුකරමින් පවතී.

ඔවුන් පවසන්නේ ලංකික පොත්පත් වලට හා බ්‍රිතාන්‍ය යටත් විජ්ත සමයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ගේ සොයාගැනීම් වලට අනුව, (ඉන්දීය ඉතිහාසයේ ලියවී නොතිබුණද ) වර්තමානයේ
ඉන්දියානු ජාතිකයෙක් ලෙස සම්මත වී ඇති, ගෞතම බුදුරජානන් වහන්සේගේ සියලු ම ධාතු කොටස් සහ දේපල, ලංකාව හොරෙන් රැගෙන ගොස් තබාගෙන වන්දනාමාන කරන බවය .

මෑත ඉතිහාසය තුල මේ සදහා වැදගත්ම සාක්ෂිය හා චුදිතයන් ලෙස, අද මහනුවර ඇති දන්ත ධාතුව කොණ්ඩය තුල සගවාගෙන පැමිණි සොරුන් දෙදෙනෙකු වන හේමමාල සහ දන්ත
කුමරු පිළිබඳව ලිඛිත සාක්ෂි ලංකාවේ පොත් වල ඇති බවත්, මෙය එවකට පවතී ලාංකීය පරිපාලනය විසින් දැනුවත් ව, ලෝක ඉතිහාසයේ සිදු වූ විශාලතම සොරකම බවත් ය .
කොටින්ම කිවහොත්, තම හිස කෙස් කපා අහසට විසිකළ සිදුහත් කුමරුගේ රාජකීය කඩුව, ලංකාවට ගෙනගොස් අද කතරගම කිරිවෙහෙරේ (ධාතු වංසය)තැම්පත් කලේ කාගේ උවමනාවට දැයි, ඉන්දියාව ප්‍රශ්න කරයි .

එබැවින් තම රටේ ගෞරවනිය වූ , ලෝක පුජිතවු ගෞතම බුදුන් ගේ ධාතු හා දේපල ශ්‍රීලංකාව විසින් තබා ගැනීම , පැහැදිලිවම මානව හිමිකම් කඩකිරීමක් ලෙස ඉන්දියාව චෝදනා කරයි.

ඔවුන් සුදානම් වන්නේ මානව හිමිකම් හරහා බලකර , මෙකි සියලුම දේ යලි ඉන්දියාවට ගෙන්වා ගැනීමටය .

ඔවුනට මෙම අදහස් පහල වී ඇත්තේ, පසුගිය කාලයේ ලංකාවේ ප්ර්ධර්ශනය කල කපිලවස්තු ධාතු වැඳ පුදා ගැනීමට රැස්වූ, ඇති ව්ශාල ශ්‍රී ලාංකීය ජනගඟ මාධ්‍යය ඔස්සේ දැකීමෙන් ය.
ඉන්දියාවේ දී කිසිදු තැකීමක් නොකර කවුතුකාගරයක තැම්පත් කර තිබු මෙම ධාතු වෙත ලන්කාවේදී දැක්වූ ප්‍රතිචාරය ගැන ඔවුන් පුදුමයට පත් වී ඇත .

ඒ අනුව ඉන්දීය ආර්ථික විද්වතුන් පවසන්නේ, මේවා නැවත තම රට වෙත ගෙන ආවොත් එය වැඳපුදා ගැනීමට පැමිණෙන ලාංකීය වන්දනා කරුවන් ගෙන් තම තම රටේ ජාතික ආදායම සියයට විසිපහකින් පමණ ඉහල යා හැකි බවය.

මේ සඳහා කිසිදු පිරිවැයක් අවශ්‍ය නොවන බවත්, ඒවා තැබීමට අවශ්‍ය ස්ථාන දියුණුකිරීම බුද්ධගයාව මෙන්ම, ලාංකීය ජනයා විසින් ම සිදුකරන බවත් ඔවුහු පෙන් වා දෙති.

තවද මෙම කරුණ ඉටුකරගැනීමට, මේ වන විටත් ලාංකීය දඹදිව සංචාරක ආයතන තමන්ගේ උපරිම සහයෝගය පළකර ඇති බවත් දැන් ලංකාවේ ගුවන් තොටුපළවල් දෙකක් ඇති බැවින් මිහින් ලංකා ආයතන ද තම ගුවන් වාර වැඩි කරමින් සහයෝගය දෙනු ඇති බවටත්, ඉන්දීය සංචාරක මන්ඩලය නිර්දේශ කර ඇත.

මේ ගැන ආරංචි වුන ජයලලිතා ජයරාම් මද්‍යම රජය වෙත විශේෂ ලිපියකින් පවසන්නේ, ධර්මාශෝක සහ මහින්ද ,සංගමිත්තා යන නම් තම ඉතිහාසයේ කිසිම තැනක සදහන් නොවන නිසා, ඉදියාවෙන් ගෙන ආ සිරිමහ බෝධිය ගෙන අවේ සොරෙන් යි තමන්ට සැකයක් පවතින බවය. මෙයගැනන විධිමත් පර්යේෂණයක් කර , ලංකාවේ ඇති සියලුම් බෝගස් ගලවා නැවතත් ඉන්දියාවේ රෝපණය කල යුතු යයි පවසන ඇය, එසේ නොහැකි නම්, ලක් වැසියන් දිනකට බෝධි පූජා දහස් ගණනක් පවත්වන බැවින් අඩුම ගන්නේ එක පුද්ගලයෙකුට
රුපියල් සියයක වත් අයකිරීමක් කල යුතු බවය. මෙමගින් මසක් ඇතුලත ඉන්දියාවේ පවතින වැසිකිලි ප්‍රශ්නය විසදා ගත හැකි බවද ප්‍රකාශ කර සිටින්නීය.

නමුත් ඉන්දීය රෝ ඔත්තු සංවිධානය පවසන්නේ මෙයට වඩා වෙනස් මතයකි. ලංකාවේ සිටින යම් කණ්ඩායමක් බුදුන් වහන්සේ හෙළයෙකු ලෙස පවසමින් එයට කරුණු පෙළගස්වන බවත්, තමගේ නිගමනය ට අනුව මෙම කරුණ සත්‍ය විය හැකි බවත් ය .

මෙම කරුණ අන්තර්ජාතික මට්ටමෙන් පර්යේෂණයක් කලහොත්, ඉන්දියාව සතුව ඇති සාක්ෂි ප්‍රමාණවත් නොවන බවත්, බැරි වෙලාවත් කාබන් හා ජාන පරීක්ෂණ තුලින් බුදුන් හෙළයෙක් බව ඔප්පු වුවහොත් දැන් ඉන්දියාවේ පවතින වන්දනා ස්ථාන පවා නැතිවීමේ අවදානමක් පවතින බවය. දැනට ඉන්දියාවේ ඇති කුළුණු වල ඇත්තේ දේවානම් ප්‍රිය ධර්ශි යන නම නිසාත්, ඒවාට ධර්මාශෝක ස්ථම්භ යයි පවසන්නේ ලංකාවේ මහාවංසයට අනුමානකර සුද්දන් පවසපු නිසා බවත් ඔවුන් පෙන්වාදෙන අතර බැරි වෙලාවත් නියම කරුණු සොයාගතහොත්, එකල ඉන්දියව ලංකාව යටතේ දේවානම් ප්රිය තිස්ස රජු පාලනය කලබව අනාවරණය වී තම ජාතික කොඩියය පවා වෙනස් කර මහත් අවමානයකට ලක්වීමට ඉඩ ඇති බවය.

සීගිරිය වැනි දේ ඇති, සිංහයන් මුල් වී, සිංහයෙක් ජාතික කොඩියේ ඇති ලංකාවේ සිංහයා, තුන් සිංහයන් වී (තුන් සිංහලේ) මේ අශෝක(දේවානම් ප්රියධර්ශි ) ස්ථම්භ වලට අවේ කෙලෙසදැයි තවමත් තමන්ට සොයාගත නොහැකියි යයි ඉන්දීය පුරා විද්‍යා විද්වතුන් මේවනවිට මද්‍යම රජයට අනතුරු අගවා ඇත .

කෙසේ වෙතතත් තම අද්‍යයන වාර්තා වලට අනුව ඉන්දිය සමාජ සමීක්ෂණ ආයතනය පවසන්නේ කවුරුන් කෙසේ කීවත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව බුදුන් ලාංකිකයෙක් ලෙස පිළිගැනීමට අකමැති වෙන බවය. ලාන්කිකයන් ඉන්දියානුවන් මෙන් නොව තම රට සැමවිටම පහත් කර සිතන බවත් පිට රටෙන් ගෙනෙනා ඕනෑම දෙයක් උසස් ලෙස සිතන බවත් ය.

එබැවින් බුදුන් ඉන්දියන් වූ නිසා ඔවුන් ට වැඩි වටිනාකමක් ඇති බවත් ය. මෙය උපන් දා සිටම මනසට කවා ඇති නිසා ලාංකීය බල සේනාවලට හදවතක් තිබුනද මොලයක් නොමැති බවත් ය . …….

>> ඇත්තටම බුදුන් ඉපදුනේ මොන රටේ ද? <<

මෙය ඔබේ මිතුරන් සමග බෙදාගන්න

Share to Google Plus
Share to LiveJournal

කාලය මැව් වෙනසක අරුමේ

 

කැඩපතක හෝ රූපයක මගේ රුව දකිද්දී ජිව්තයේ ගතවී ගිය කාලය පිලිබදව යම් ඉඟියකට එන්නට තරම් මා දැන් වයසට ගොස් ඇති බව මගෙ හිත මට කොදුරයි. ඒ ගත වී ගිය කාලයෙන් මම  මහත් සේ ඇලුම් කරන්නේ මගේ කුඩා කාලයටය. බරක් පතලක් නැති උදේ රෑ ගැන වගක් නැති එහෙව් කාලයක් මගේ ලෝකයටත් හිමිව තිබුනි. අපේ පුංචි කාලයට වඩා දැන් පුංචි උන් ජේත්තු කාරය. ඒ අපේ හිතවතෙක් ලගකදී කී කතාවකි. එය සැබෑවකි අපි එදා නොදුටු දේ නොපැතූ දේ අද පොඩි උන්ගේ ලෝක වල සරල අවශ්‍යතාවයන් වී හමාරය. තිබිරිගෙයින් එලියට වන් විනාඩියේදිම බිලින්දාගේ ජීවිතය සැලසුම් කර අවසන් යුගයකට අපි දැන් පැමින ඇත්තෙමු. උප්පැන්න සහතිකයේ දැනට සටහන් නොවන්නේ පුංචි එකාගේ අනාගත රැකියාව පමනි. ලෝකය ඒ තරම්ම දියුනුය.  පුංචි උන් ජේත්තුකාරයන් කරන්නට වෙරදරන  මහඋන්ගේ  මහන්සියෙන්.. ජේත්තුකාරකමේ ලෝගුවෙන් වැහෙන උන්ගේ හිත් ගැන ලෝකයට ගැටලුවක් නැත. සමාජයට අවශ්‍ය වන්නේ ලෝකය දුවන වේගයට දුවන උන්ගේ විසිල් වලට බල්ටි ගසන ජේත්තුකාරයන් මිසක. අනෙකාගේ දුක සැප දකින සතාගේ සීපාවාගේ බඩගින්න දැනෙන හිත හරහා ඇසට කදුලු නැගෙන මිනිසෙකු බිහි කිරිම නොවේ. උන්ගේ තර්කයට අනුව ජීවත් වීම නම් අවශ්‍යතාවය සම්පූර්ණ කිරිම , සමාජයේ වැදගතෙක් ධනවතෙක් වීමත් ඇරෙන්නට ජිවිතය නම් කුලකයේ සැපිරිය යුතු වෙනත් කිසිවක් නැත.

මේ කතාව ලියා දමා හිත හදාගැනීමේ උවමනාව මා හට ඇති කරන්නෙ මීට දින කිහිපයකට පෙර  රාජාකාරී කටයුත්තකට ගිය විටකදි දකින්නට ලැබුනු දෙයකුත් මගේ හිතවතකු මා මීට පෙර මා සමග කී දෙයකුත් ජාඩියට මුඩිය මෙන් ගැලපී හිතේ ඇදුන නිසාවෙනි. කතාවේ හිතවතා සරල මිනිසෙකි ජීවිතයේ බොහෝ ඇසු පිරූ තැන් ඇත්තෙකි එනමදු කිසි විටක කිසිවෙකු හෝ තර්ක විතර්ක නොකරන්නෙකි. දිනක් පොඩි උන් සම්බන්ධ කතාවකදී ඔහු මට පැවසුවේ මෙබන්දකි

 

” මේ වෙන දේවල් වලට පොඩි උන්ට කරන්න දෙයක් නෑ උන් දකින දේ කරනවා ඇහෙන දේ කියනවා ඒක උන් ඉගනගන්න හැටි උන් විතරක් නෙවෙ මේ මුලු ලෝකෙම හැම සතෙක්ම කරන්නෙත් ඒ ටික , අපි දැන ගන්න ඕන උන්ට දකින්න අහන්න සලස්වන්නේ මොනවද කියන එක “

එදා ඒ කතාව අවසන් වූයේ ඔහුගේ ඒ කතාවත් සමගය. කතාවේ ඊලග කොටස පටන් ගන්නේ ඒ කතාවෙන් ටික දවසකට පසු මා රාජකාරී කටයුත්තක් සදහා සේවාදායකකු හමුවීමට ඔහුගේ නිවසට ගිය වේලාවකය. මා එම නිවෙසට යන විට ඈත තියාම දුටුවේ. ආලින්දය පුරා පුටු කොට්ට ගොඩක් ගසාගෙන පුටුවක් උඩට නැග බිමට පනින  අවුරුදු 3ක් පමන වූ පනින කුඩා කොලු ගැටයෙකි. නිවස ආසන්නයට වෙත්ම ඔහු උඩ සිට පනින්නේ පුලුන් පිරවූ ටෙඩියෙකු මතට බව හොදින්ම මා දුටුවෙමි. මේ අනිවාර්යෙන්ම පොඩි ජෝන්සිනා කෙනෙක් බව මම ඒ ඉරියව් වලින් දුටුවෙමි. අවුරුදු 3ක් වත් නොවූ කොලු ගැටයා ටෙඩියා කුඩුපට්ටම කර දැමීමෙ මහා මෙහෙයුමකය විටින් විට රූපවාහිනි රෙස්ලින් තරගවලින් අහුලාගත්තා යැයි සිතිය හැකි කෑලිද මුමුනමින් පොඩිත්තා සෑහෙන සටනකය. , මල් වැනි පොඩි උන් යැයි කියා පොත් වල ලියා තිබූ යුගය අවසන්ය . සමනලයන් කුරුල්ලන් අතර ගෙවුනු කුඩා උන් සුපර් මෑන් ,බැට් මෑන් වීරයන් වූ යුගය අවසන් ය දැන් ඒ සිත් වල වීරයන්  මිනිසුන් උස්සා පොලවේ ගසන ජෝන් සීනලාය මට මගේ හිතවතා කී දෙය සිහියට නැගුනි. ” පොඩි උන් කරන්නෙ උන් දකින දේවල් බන් ” කතාව 100% ඇත්තය, බලා සිටීමෙන් පලක් නොවන නිසා මම හඩ අවදි කලෙමි.

” බබා ගෙදර කවුද ඉන්නේ “

වහා හැරී මා දෙස බැලු පොඩි ජෝන් සීනා ” අම්මේ ” යැයි හඩතලාගෙන  ගෙතුලට දිව ගියේය.

මද වේලාවකින් පොඩිත්තාගේ මව පැමිනි අතර මා රාජාකාරි කටයුත්ත වෙනුවෙන් අවශ්‍ය වූ ලිපිගොනු වල කටයුතු මා විසින් ඉටු කරගන්නා ලදී.

ඒ අතරේදී ද පොඩිත්තා නැවත සුපුරුදු රාජාකාරියට අත ගසනු දැක ගත හැකි විය.

” බබා සෑහෙන්න රෙස්ලින් බලනවා වගේ ” මම සිනහවකින් යුතුව මවගෙන විමසුවෙමි

” ඔව් අනේ දවසම වැඩේ ඕක තමා . ඉස්සර CD ඉල්ලලා පොරේ බැරිම තැන peo tv අරන් දුන්නා ඕක බලපු වෙලේ ඉදන් අපිත් එක්කත් ඔහොම තමා “

මව දරුවාගේ වර්ණාව සිනාවෙම්න් පවසයි.

මගේ මතකය මීට අවුරුදු ගානකට කලින් සිදු වූ සිදූවීමකට දිව ගියේය. එවකට මම 4 හෝ 5 වසරේ සිටි අවදියයි . දිනක් අපේ තාත්තා හා අපේම පවුලේ නෑදැයකු අතර ගැටුමක් ඇති විය ඒ නිවස පිහිටියේද අප නිවසට ආසන්නවය. මමද ආතල් කරට ගෙන පියා පසු පස දිව ගොස් තාත්තාට හුරේ තැබුවෙමි. වහා හැරුනු තාත්තා කන පුරවා මා හට කනේ පහරක් එල්ල කලේ මා කිසිවිටක බලා පොරොත්තු නොවූ ලෙසිනි.

“ලොකු මිනිස්සු කතා කරන තැන් වල පොඩි උන්ට වැඩ නෑ පල ගෙදර “

එදායින් පසු කාලාන්තරයක් යන තුරු මගේ ලෝකයේ හතුරා උනේ අපේ තාත්තාය. යම් දෙයක් අහුලාගෙන විසදාගත හැකි කලකදී මම තාත්තා එදා මට කන පුරවා දුන් පහර ගැන සතුටු උනෙමි.

ඒ සිතුවිල්ලෙන් මම ඇහැරෙන වේලාව වන විටත්  පොඩි සීනා ගේ අම්මා දරුවාගේ හුරතල් ගැන තොරතෝංචියක් නොමැතිව කියවමින් සිටියාය.

“මෙයා රෙස්ලින් විතරක් නෙවේ TV ඇඩ් ඒ විදියටම කරනවා අපිට හිනා වෙලා පන යනවා “

” ආ පුතා අර ඔයාගේ සින්දුව කියන්න මේ අංකල්ට ඇහෙන්න “

මවගෙන්  පුතා වෙත කාරුනික ඉල්ලීමකි

පුටුව උඩ උන් පොඩිත්තා වහා ඉද්ද ගැසුවාක් මෙන් පුටුව උඩම සිටගෙන ගීයට සුදානම් විය. අතක් හිස මත තබා අනෙක් අත ඉනට තබා ගත් පොඩිත්තා මහා හඩින් තමාගේ ප්‍රියතම ගීතය ගයන්නට විය.

” කැස්සට කොස් ඇට උනට කුරුම්බා..
වැස්සට නොතෙමී කුඩය ගනිල්ලා…
රස්නෙට වෙනි වැල් බිව්වම .,
ඇගට හොදා………….. “

ඒ වදන් කිහිපය අවසානයේ මා නිරුත්තර වෙද්දී.. දරුවාගේ අම්මා මහා හඩින් සිනාසෙමින් ප්‍රිතිය පල කරනු දක්නට ලැබුනි. එහෙම සින්දුවක් මා ඇසුවේද ඒ වෙලාවේය.

අපි ඉස්කෝලෙ යන දවස් වල අපේ ගෙදරට මහා තඩි හද්ද පරන  කලු පාට රේඩියෝවක් තිබුනි. උදේ පාන්දර වදෙන් පොරෙන් අපිව නැගිට්ටවා ගන්නා අතරතුරේ අපේ සීයා රේඩියෝවේ වයරය ප්ලග් එකට සම්බන්ධ කරයි.  හැමදාමත් ඇසෙනා පිරිත් ,ප්‍රවුත්ති වලින් පසුව අපිට ඇසුනේ කැස්සට කොස් ඇට බදින හැටි ගැනවත් , රොස් පාන් පුච්චලා කන හැටි ගැනවත් නොවේය. අමරදේවයන් ලයාන්විතව ගයනා  ” මුනි සිරිපා වදිමින්නේ ” නොඑසේ නම් අයිවෝ ගේ දැකුම්කලු හඩින් ලංකා ලංකා හෝ දකුන නැගෙන හිර වැනි දවස පුබුදන ගීතය, මූන කට හෝදාගෙන අපි පාරට බැස්සේ රට ගැන උපන් නැතිනම් දෙමව් පියන් ගැන උපන් පහන් හැගීමක් සිත තුල රදවාගෙනය. මුදලට ජීවිතය විකිනූ සමාජයක් තුල FM කඩ කාරයන් අද දවස පටන් ගන්නේ උදේ පාන්දර කැස්සට කොස් ඇට බැදගෙනය . අපි ඒ කොස් ඇට කෑ රිලවුන්ගේ පරම්පරාවක් බිහි කිරීමෙ මහගු කර්තව්‍යට එක සිතින් දායක වී සිටින්නෙමු.  ඕනෑම ගීතයක් කීමෙ හෝ ඇසීමෙ නිදහස මිනිසෙකු සතු අයිතිවාසිකමකි.  ජාතියක් ලෙස අපි කාලකන්නියන් යැයි අනාගතේ දවසක හන්වඩු ගසා ගන්නවාට වඩා මේ දකින ඇත්ත ගැන අපි කතා නොකරනවා නම් එහි වගකීම ඉතාම නුදුරු දිනක ඔබටද මටද සම සමව බෙදී යනු ඇත. අද රේඩියෝවකින් , TV චැනලයකින් ජාතික අභිමානය ගැන ගීතයක් ඇසෙන්නෙ දවසට දෙවරක් පමනි ඒ වැඩසටහන් ආරම්බයේදි හා අවසානයේ විකාශය වන ජාතික ගීය පමනි.  පෙබරවාරි හතරවන දාට නිවසේ සිංහ කොඩියක් එසවීම පමනක් ජාතිකාභිමානය යැයි සිතන පරම්පාරවක බිහිවිම ඔබටද මටද බලපාන්නෙ කෙසේද කියා ඇස් කන් ඇතුව වසන්නෙකුට අමුතුවෙන් කියා දිය යුතුවද නැත.

පරම්පාරවක් බිහි වීමෙදී දියුනුවක් ඇති විය යුතුය. අපි ආඩම්බරයෙන් හැම විට හැම තැන පවසන්නේ අපි සිංහ පරපුරේ කියාය.  නමුත් මතු බිහිවෙන ඒ පරම්පරාව වල් බුරු පරම්පරාවක් වන්නෙ නම්. ඒ පරම්පාරාවෙන් පසු බිහිවන අනාගතය ගැන අපිට කිසි දිනක සිහින දැකිය නොහැකි වනු ඇත.  එනිසා ලෝකය දිව යන වේගයෙන්  නොගියද  රටක මුල මැද අග හදුනන පරම්පරාවක් බිහි කිරිම සදහා මව පියා මෙන්ම මාධ්‍ය හා සමාජයද එක සේ බැදී පැවතිය යුතු බව සිහිකල්පනාවෙන් යුතුව මතක තබා ගත යුතු සිතුවිල්ලකි. එසේ නොමැතිනම් මෙයින් මතු බිහි වෙන පරම්පරාව කොස් ඇට රිලා පරම්පරාවක්  මිසක සිංහ පරම්පරාවක් නොවනු ඇත

 
උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා – තරු අන්තර්ජාතික සේවය

මෙය ඔබේ මිතුරන් සමග බෙදාගන්න

Share to Google Plus
Share to LiveJournal

බාලචන්ද්‍රන්ලා සහ ජිනීවා

 

දැන් දැන් බ්ලොග් පිටු පුරා . ෆේස් බුකිය පුරා බාලචන්ද්‍රන් ලා  වෙනුවෙන්  සෝක  ප්‍රකාශ,  බැනර් ,  මල් වඩම්  වැහි වැහැලාය.    වැරදිලාවත් ඇමරිකාවට සිංහල යුනිකෝඩ් තේරෙනාවනම්. ජිනීවා වලට ගිය මහින්ද ගොයියා  දැන්මම ගෙදර එන එක ඉතා හොදය. මල ගිය කොටියන්ගේ සනුහරේට වඩා බාලචන්ද්‍රන් වෙනුවෙන් කිරි එරෙන්නේ සිංහයන්ටය. බාල පුතා මල සොවින් වැලපෙන සමහර මහ්ත්තුරු කියන කතා සම්පූර්ණ ඇත්තය. මොකා මොනවා කලත් මානව අයිතිවාසිකමනම් මානව අයිතිවාසිකමය. ඒක අපිට තිබුනේ නැති උනත් කොටියාට තිබිය යුතුමය මන්ද යත් ඒ අපේ හැටිය. අපේ අභිමානවත් ඉතිහාසයේ හැටිය. අපි සත් ගුනවත් බෞද්ධයෝය අපිට හැගීම් දැනීම් නැත. අපිට ලාදුරුය. බෞද්ධයන් වන අපි  අපේ තාත්තා මරපු එකාටද මෛති කල යුතුය. උගේ පවුලේ උන්ගේ ෆොටෝ බිත්තියේ එල්ලාගෙන දවසට තෙවරක් මෛත්‍රි භාවනාව කල යුතුය අපිට මොනවා කලත් අපි මෛත්‍රි කල යුතුය. අපි ඒ කාලයේ බස් වල පාරවල් වල ගියේ පට්ට ආතල් එකේය අපිට කිසිදු ප්‍ර්ශ්නයක් තිබුනේ නැත. මොකද කියනවානම් වැඩිකල් ඉන්නට කිසිම එකෙක්ට බලාපොරොත්තුවක් තිබුනේ නැත. එහෙව් එකේ අපිට කිසිම ප්‍ර්ශ්නයක් තිබ්බේ නැත. හිටපු ගමන් එකට බත් එක කෑ යාලුවා සීල් කල පෙට්ටියකින් ගෙදරට ගෙනා විට අපි උඩ පැන පැන සතුටින් සිනාසෙනුමු.

” හොද වැඩේ එපා කියද්දී ගියානේ අර අහිංසක කොටියන්ගේ මානව අයිතිවාසිකම් කඩන්න “

අපි පෙට්ටිය දෙස බලා මල එකාට දහ අතේ දෙස් දෙවොල් තැබුවෙමු. ඔකාට ඔහොම උනා මදි යැයි කීවෙමු. මල එකාගේ නෑයන් ප්‍රබා වෙත සමාව ඉල්ලා ලිපි යැවුහ,, අපි කොටි වෙනුවෙන් එ තරම්ම දුක් උනෙමු මන්ද යත් අපි හෙන අභිමානවත් ජාතියක් වූ නිසාය. අනික් කාරනේ අපි බෞද්ධය පලි ගැනීම අපිට අරහංය. අර කිව්වත් වාගේ නහී වේරේන වේරානීය. අනික් කාරනේ බාලචන්ද්‍රන් කිරි සප්පයාය. යුද්ධයක් ගැන ඌ මෙලෝ හසරක් දන්නේ නැත. ප්‍රභාගේ ආසාවකට පාටියකට මගුලකට ඇරෙන්නට කොටි යුනිෆෝම් එකක් වත් ඇදලා නැත. අපේ තාත්තාගේ යාලුවෙකුත් ඒ කාලේ ත්‍රිකුනාමලේ නේවී කෑම්ප් එකක හිටියේය. මිනිහා හෙන නරක බුවෙකි අසරණ කොටියන්ගේ මානව අයිතිවාසිකම් පන්න පන්නා කැඩු එකෙකි. දවසක් ගෙදර ඉදලා පවුල පිටින් කෑම්ප් එකට යන අතර මගදී කොටියන් අපේ තාත්තාගේ යාලුවා බය කලේය. ඒ පුන්චිම පුන්චි බිම් බෝම්බයක් කාරෙකට සෙට් කරලාය මොනවා කලත් පවුලම එක වර යන්නට ඕනෑ තැනට ගිය නිසා මනුස්සයාගේ මානව අයිතිවාසිකම රැකුනේය. අත දරුවාගේ කිරි බෝතල් හොයා ගත්තේ . පොල් ගස් වල කරටි උඩ තිබිලාය. අපේ තාත්තා අදටත් දවසට තෙවරක් ඔය සිද්ධිය මතක් කර මෛත්‍රි භාවනාව වඩන්නේය

මොනවා කිව්වත් ඔය බාල පුතාලා ගැන පිට රටවල ඉදන් ලියන මහත්තුරුත් . ඒ කාලයේ ඉදලාම රට වෙනුවෙන් යුද්ධ කරපු ඇත්තෝය. ඒ දවස් වල දවසට විසි තිස් වතාවක් defence.lk එකේ තිබූ මැප් එකේ දිග පලල චෙක් කරමින් .දහඩිය වගුරවමින් ඔවුන් රට වෙනුවෙන්  කල සේවය අපි මහත් සේ අගය කල යුතුය. උන් එසේ රට වෙනුවෙන් අපෙ කැප වෙද්දී අපේ උන් කලේ වැඩකට නැතුව යුද්දේට ගොස් අත පය නැති කර ගැනීමය  , එහෙමත් නැත්තං ජීවිතේ නැති කරගැනීමය. ඒ අපේ ජාතියේ හැටිය . මොනවා කලත් සමහරක් බාල පුතාලා වෙනුවෙන් අඩනවාට විරුද්දය .
බාල පුතා වෙනුවෙන් දුක් ගී ලියන මහත්තුරුන්ගෙන් අවසාන වශයෙන් මම යටහත් පහත්ව ඉල්ලීමක් කරන්නට කැමතිය. ජංජාලේ පමනක්   ඕවා කිව්වාට ලිව්වාට  මේවා මොලේට යන්නේ ටික දෙනෙක්ටය අනික් එක ජංජාලේ ඉන්නා බොහොමයක් දේශ ද්‍රෝහීන්ය. උන්ට මානව අයිතිවාසිකම් ව්අල   වටිනාකමක් තේරෙන්නේ නැත පුලුවං කමක් තියනවා නම් ඔය ලියාපු අටුවා ටීකා ටිකක් ප්‍රින්ට් කරගෙන කැබිතිගොල්ලෑව , ගෝනගල , අම්පාර  පැත්තේ ගම් කීපෙකට ගොස් ගෙයක් ගෙයක් ගානේ බෙදුවා නම් වැඩේ පංකාදුය . මොකද කියනවා නම් මානව අයිතිවාසිකම් ගැන හොදටෝම දැනුම්  තේරුම් තියෙන්නෙ ඒ ඇත්තන්ට නිසාය.

ගියාට විතරක් මදිය ඒ පැත්තේ අයට අනිවාර්යෙන්ම මේකත් කියා දිය යුතුය

” නහී වේරේණ වේරානීය “

 

උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා. – තරු අන්තර්ජාතික සේවය

මෙය ඔබේ මිතුරන් සමග බෙදාගන්න

Share to Google Plus
Share to LiveJournal

ගීතයක් පිටුපස මෙපමණ වූ කතාවක් තිබෙන්නට පුළුවන් ද?

මෙම ගීතයට පාදකවූ සිදුවීම සත්‍ය හා අපුර්ව සිදුවීමකි. මෙම කතාව අපට පැවසුවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සමග පිළිසදරේ යෙදුන අවස්ථාවකය.

ගීත රචක කුලරත්න මහතා, අධ්‍යාපනය පිළිබද මහාචාර්ය වරයෙකි. මව් රටින් පිට සේවයේ යෙදෙන තම ආදරණීය පුතු වෙනුවෙන් කවදාවත් ගී නොලියවුණු අතකින් ලියවු මෙම ගීතය, දුරු රට සේවය කරනා දරුවන් ඇති සියලුම ලාංකීය මාපියන් ගේ හද ගැස්ම බව, එය ඇසු  ඕනෙම කෙනෙකුට වැටහෙනු ඇත.

plane

කුලරත්න මහතාගේ පුතු අධ්‍යාපනයට විශිෂ්ට සමත්කම් පෑ සැබැ දක්ෂයෙකි. කොලඹ රාජකීය ව්දුහලෙන් අධ්‍යාපනයට පිවිසුණු ඔහු එවකට ලංකාවේ ගණිත අංශයේ දෙවැනි තැනට සමත් විය. ඉන්පසු  Monash University in Melbourne, Australia හි ඉංජිනේරු විද්‍යාවෙන් පළමුවෙනියා විය. පශ්චාත් උපාධිය සදහා University of Oxford  United Kingdom වෙත පිවිසුන ඔහු, වයස අවුරදු විසි පහේදී බැබලෙන ඉංජිනේරු වරයෙක් බවට පත් වී , එහිම රැකියාවක නිරතවිය.

මේ අතර තුර හදිසියේම හර්දයාබාදයකින් රෝහල් ගතවන කුලරත්නන මහතා බයිපාස් සැත්කමක් දක්වා වූ අවදානම් සෞඛ්යය තත්වයකට පත් වේ. දෙමාපියනට දැඩි සේ ඇලුම් කල ඉංජිනේරු පුතු  කඩිනමින් ලංකාවට පැමිණුනි. ඔහු දිගු කලකට පසු තම පියා දකින්නේ, රෝහල් ඇඳ මත සිටින විටය. පිය සෙනෙහසින් කඳුළු වගුරුවන පුතු ට සිතුනේ, තමා ඉංජිනේරු විද්‍යාවේ පරතෙරට ගියද, තම පියාට වෙදකම් කිරීමට තමන් වෛද්‍ය වරයෙකු වුනි නම් එය මහත් භාගයක් ලෙසය. මෙවන් අවස්ථාවක තමන් කෙතරම් නම් අසරණ දැයි ඔහුට සිතෙන්නට ඇත.

මේ පුතු ඇත්තටම හිතුවක්කාරයෙක් ය, නො එසේනම් හිතු හිතු දේ කරන්නේක් ය. තම පියාගේ මුලික ප්‍රතිකර්ම නිම වෙන තුරු ලංකාවේ රැඳී සිටි ඔහු යලි පියාසර කරන්නේ University of Cambridge United Kingdom වෛද්‍ය විද්‍යා පීථය වෙතය.

දැන් නම් මෙම කතාව හින්දි චිත්‍රපටයක මෙන් තරමක් අතාත්විකය. එනමුදු සත්‍යය. අවුරුදු විසි නවයේදී මෙම සුජාත පුතු වෛද්‍ය වරයෙක් බවට පත් විය.

අවුරුදු විසි නවයේදී , ඉංජිනේරු හා වෛද්‍ය විද්‍යා උපාධියන් දෙකම ලැබූ ලාංකිකයෙකු ගැන අප මේ වන තුරු අසා නැත. තම දියුණුව උදෙසා නොව, තම යුතුකම උදෙසා එවන් කිරුළු දෙකක් පැළදු එම පුතු, සැබවින් ම ශ්‍රී ලංකික අපට ආඩම්බරයකි .

තම පියාගේ වෙදකම් කල පුතු, ඉන් පසුව රැකියාවේ යෙදුනේ එකසත්  රාජධානියේ Nottingham ප්‍රදේශයේ රෝහලකය.

තමා සුවපත් වුවද තම පණ මෙන් ආදරය කරන පුතු තමන් ලග නැති පාළුව දැනුන පියාණන් අතින්, තම සිතුවිලි කොලයක ලියවිණි.

මහාචාර්ය කුලරත්න මහතාගේ සමීප හිතවතෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෙත මෙම පද වැල ලැබිණි . ඉන්පසු කාලෝ මහතා විසින් තනුවක් සදා රෝහණ වීරසිංහයන් ගේ සංගීත සංයෝජනයෙන් හා ගායනයෙන් ගීයක් ලෙස දොරට වැඩුනි. ගීතයට මවකගේ සෙනෙහස ලැබුනේ, නෙලූ අධිකාරී ගේ හඬිනි .

 >> ගීතය අසන්න මෙතනින් <<

මෙය ඔබේ මිතුරන් සමග බෙදාගන්න

Share to Google Plus
Share to LiveJournal